ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ, විශේෂයෙන්ම පිහිනුම් ක්‍රීඩාවෙන් මුළු ආසියාවම හෙල්ලූ අසහාය ක්‍රීඩකයෙකු ලෙස ජූලියන් බෝලිං මහතා හැඳින්විය හැක. දකුණු ආසියානු ක්‍රීඩා (SAF Games) ඉතිහාසයේ කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට මෙතෙක් ළඟා වීමට නොහැකි වූ අතිවිශිෂ්ට වාර්තාවකට එතුමා හිමිකම් කියයි. එනම් SAF තරඟාවලි වලදී පමණක් ශ්‍රී ලංකාවට ‘රන් පදක්කම් 15ක්’ දිනා දීමයි. මේ නිසාම එතුමාව ශ්‍රී ලංකාවේ ‘රන් මත්ස්‍යයා’ (Golden Fish) ලෙසද විරුදාවලි ලබයි.
1984, 1988 සහ 1992 යන වසරවලදී අඛණ්ඩව ඔලිම්පික් උළෙලවල් ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරම් එතුමා දක්ෂතා දැක්වීය. පිහිනුම් තටාකය තුළ ඔහු දැක්වූ ඒ අසමසම ජවය සහ වේගය එදා මුළු රටටම ගෙන ආවේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අභිමානයකි.
එපමණක් නොව, තරඟකාරී ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවද එතුමා සිය මව්බිම අමතක කළේ නැත. අදටත් පිහිනුම් ඇකඩමි හරහා දහස් ගණනක් වූ අනාගත දරු දැරියන්ට පිහිනුම් ක්‍රීඩාව පුහුණු කරන අතරම, ලංකාවේ දියේ ගිලීම් අවම කිරීම සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන් ද නොමිලේ ක්‍රියාත්මක කරයි. රන් පදක්කම් වලින් පමණක් නොව, තම සැබෑ මනුස්සකමින්ද රටක් බැබළවූ මේ අපූරු වීරයා සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම මහත් ආඩම්බරයකි.
Navodari Keppetipola


