in

නැවත හිස ඔසවන චිකන් ගුන්යා

චිකන් ගුන්යා කියලා කියන්නේ මදුරුවන් මඟින් පැතිරෙන වෛරස ආසාදන තත්ත්වයක්.ඩෙංගු රෝගය පැතිරෙන්නේ ද මේ මදුරුවන් මඟින්ම වීම සුවිශේෂී කරුණක් විදියට දක්වන්න පුළුවන්.චිකන්ගුන්යා රෝගයෙන් පෙලෙන රෝගියෙකු මෙවැනි මදුරුවකුගේ දෂ්ටනයට ලක් වීමෙන් පසු එම මදුරුවාම වෙනත් පුද්ගලයෙකු දෂ්ටනය කිරීමේ දී මෙම වෛරසය ශරීරගත වේ.

මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

  • සමෙහි රතු පැහැති ලප
  • දරුණු හන්දිපත් රුදාව
  • තද උණ

මෙම රෝගය වැළඳුණු විට ඔබ කළ යුත්තේ කුමක්ද?

  • වැඩිපුර ජලය පානය කරන්න
  • හොඳින් විවේක ගන්න
  • පැරසිටමෝල් භාවිතා කරන්න
  • රෝගය දරුණූ ලෙස ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න

මදුරුවන් බෝවන ස්ථාන අවම කරගනිමින් ඔබ ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.

What do you think?

world environment day 2025

හිඟන්නාගේ තියරිය