in

නිතර නිතර බබල්ගම් සැපීමෙන් මොකද වෙන්නේ?

නිතර නිතර බබල්ගම් සැපීමට පුරුදු වුන අය ඉන්නවා. මේ පුරුද්ද සෞඛයාරක්ෂිතද නැද්ද කියන කාරණය ගැන තමයි අද අපි කතා කරන්නේ.    

සීනි රහිත බබල්ගම් සැපීම මුඛයේ තියෙන බැක්ටීරියා ඉවත් කර ගන්න උදව් වෙන හොඳ ක්‍රමයක්. ඒ වගේම දත් වල රැඳී ඇති ආහාර කොටස් සහ දත් වලට හානි කරන අම්ල ඉවත් වෙනවා. දත් දිරා යාමෙන් හා දන්ත සිමෙන්ති බැඳීමෙන් දත් ආරක්ෂා වෙනවා. 

නමුත් සීනි සහිත බබල්ගම් සැපීම ඔබේ දන්ත සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. මුඛයේ ඇති ආහාර අංශු ජීර්ණය වන්නේ කුසට ඇතුල් වූ පසුවයි. නමුත් සීනි වල බලපෑමෙන් මේවා දත් මතම ජීර්ණය වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දන්ත සිමෙන්ති බැඳෙනවා.

බබල්ගම් සැපීම ඔබේ වීදුරු මස් වලට උත්තේජනයක් ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට හෘද ස්පන්දන වේගය, රුධිර ප්‍රවාහය සහ මොළයට ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම බබල්ගම් සැපීම නිසා සිතීමේ ක්‍රියාවලිය, තීරණ ගැනීම සහ මතක ශක්තිය වැඩි දියුණු වෙනවා. මේක දිගුකාලීන නැහැ. යම් අභියෝගාත්මක අවස්ථාවකට කලින් බබල්ගම් සැපීමෙන් තමයි මේ ප්‍රතිඵල ඔබට ලැබෙන්නේ. 

සමහර වෙලාවට බබල්ගම් සැපීම නිසා ආහාර රුචිය අඩු වෙනවා. විශේෂයෙන්ම උදේ වරුවේ බබල්ගම් සැපීමෙන් උදේ ආහාරය ගැනීමේ උනදුව අඩු වන බව හෙළි වෙලා තියෙනවා. කෙට්ටු වෙන්න හිතන කෙනෙක්ට නම් මේ රහස වැදගත් වේවි. 

හැබැයි මින්ට් රස බබල්ගම් නිතර සැපීම නිසා නම් ගැටළුවක් ඇති වෙන්න පුළුවන්. ඔබට එළවලු පලතුරු වලට තියෙන කැමැත්ත නැති වෙලා ගිහින්, මුරුක්කු වැනි බැදුම් වර්ග වලට තියෙන කැමැත්ත වැඩි වෙනවා. ස්වභාවික ආහාර වලින් ඈත් වෙලා, සකසන ලද ආහාර වලට හුරු වීම සෞඛ්‍යයට අහිතකරයි.

නිරන්තරයෙන් බබල්ගම් සැපීම නිසා හකු සන්ධි වලට හා හකු අවට මාංශ පේශි වලට බලපාන ආබාධයක් ඇති වෙන්න පුළුවන්. මෙහිදී ඔබ ආහාර ගැනීම, සිනාසීම හෝ කථා කිරීම වැනි ක්‍රියාවක නිරත වෙද්දී, දරුණු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එම වේදනාව බෙල්ලට හා උරහිස් වලටද පැතිරිලා යනවා.  

බබල්ගම් සැපීමේ පුරුද්ද වමනය, උදරයේ අපහසුතාව සහ ඔක්කාරය ඇතිවීමේ හැකියාව අඩු කරනවා. හැබැයි බබල්ගම් සැපීමේදී ඔබේ කුසට වාතය ඇතුලේ වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්.

ආහාර ගැනීමෙන් පසුව බබල්ගම් සැපීමේ තවත් ප්‍රයෝජනයක් තියෙනවා. බබල්ගම් සැපීමේදී ඛේටය උණනවා. මේ ඛේටය කුසට ඇතුළු වීමෙන් කුසේ ඇති අම්ලයන් තනුක කර උදාසීන කරයි. අජීර්ණයන් වළක්වාලයි.

බබල්ගම් සැපීමේ පුරුද්ද කාංසාව සහ තෙහෙට්ටුව දුරු කර දමනවා. ආතති හෝමෝනය වන කෝටිසෝල් නිපදවීම අඩු වන නිසා මානසික ආතතියද අඩු වෙනවා. මනෝභාවය වර්ධනය වෙනවා. හැබැයි බබල්ගම් සැපීම අධිකව කරන්නේ නම් හකු මත පීඩනයක් ඇති වන නිසා මානසික ආතතිය වැඩි වෙන්නත් පුළුවන්. මිග්රෙන් වැනි දරුණු හිසේ කැක්කුම් ඇති වෙන්නත් මෙය හේතුවක්.

උපුටා ගැනීම – wellnessexpert

What do you think?

Written by Mic

ඔබේ සමේ දීප්තිමත් බව වැඩි කර දෙන වැල්මී සත්කාරය 

සිරුරට අහිමි වුනු ශක්තිය ආයේ ගෙනත් දෙන ආහාර පාන