in

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට

තම සෞඛ්‍ය තත්වය රැක ගන්න සහ වර්ධනය කර ගන්න අපි කොයි කවුරුත් කැමතියි. ඒ සඳහා ඔබ ව්‍යායාම් කල යුතු වෙනවා. එමෙන්ම ආහාර ලෙස ලබා ගන්නා කැලරි වැය කිරීමට ශරීරය වෙහෙසවිය යුතු වෙනවා. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් ආයතන වල රැකියා වල නිරත වෙමින් කාර්යබහුල වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම කෙරෙහි ඔවුන් අවධානයක් යොමු කරන්නෙම නැති තරම්. Fitness Tracker එකකින් කරන්නේ ඔබව සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමට පෙළඹවීමයි. 

Fitness Tracker අයත් වන්නේ Wearable Technology ගණයටයි. 

Fitness Tracker වර්ග කීපයක්ම තියෙනවා 

-ඇවිදීම, දිවීම වගේ සරල ව්‍යායාම් වල පමණක් නිරත වෙන කෙනෙක්ට ගැලපෙන්නේ සාමාන්‍ය Fitness Tracker එකක්.

-නමුත්, බර ව්‍යායාම් වල නිරත වන කෙනෙක් නම් ඔබට ගැලපෙන්නේ Heart Rate Monitoring, GPS හෝ Automatic Activity Recognition වගේ අධි තාක්ෂණික Fitness Tracker වේ. 

මෙය පැළඳිය යුත්තේ ඔබේ අතේ. මෙය ඔබ දවස තුල ඇවිදින පියවර ගණන මැන පෙන්වනවා. හෘදය වස්තුවේ ස්පන්දනය මැන පෙන්වනවා. නින්දේ ක්‍රමවත් භාවය මැන පෙන්වනවා. මේ නිසා මෙය මුළු දිනය පුරාම අතේ බැඳ ගෙන සිටිය යුතු වෙනවා.

ඔබ  Fitness Tracker එකක් මිලදී ගන්නවා නම්, දුවිලි වලින් සහ ජලයෙන් හානි නොවන බව සහතික කල එකක් මිලදී ගත යුතු වෙනවා. ඇතැම්  Fitness Tracker වතුරෙන් හානි නොවීම සඳහා වැඩි ආරක්ෂාවක් සපයනු ලබනවා. පිහිනීමේ ව්‍යායාමය කරන අයෙකුට, ස්නානය කරන අතරතුරේදීත් Fitness Tracker එක අතේ බැඳගෙන සිටින්නෙකුට එවැනි එකක් වැදගත් වෙන්න පුළුවන්. 

Fitness Tracker නිපදවද්දී ඔබේ ස්මාර්ට් ෆෝන් එකට ගැලපෙන විදිහට තමයි නිපදවන්නේ. එතකොට ඔබේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලය ස්මාර්ට් ෆෝන් එක හරහා පෙන්වනවා. මේ සඳහා Fitness Tracker එකට අදාළ ඇප් එක ඔබේ ජංගම දුරකතනයේ තිබිය යුතු වෙනවා. 

ඔබේ ආහාර වෙලේ අඩංගු කැලරි ප්‍රමාණය මැන දක්වන Fitness Tracker පවා ඔබට මිලදී ගත හැකියි. ඒ සඳහා ඔබ ඇප් එකට ඔබ කන්නේ මොනවද, කොච්චර ප්‍රමාණයකින්ද ආදී තොරතුරු ඇතුලත් කල යුතු වෙනවා.   

උපුටා ගැනීම :wellnessexpert

What do you think?

Written by Mic

වයසට ගියා කියල නෑ: ව්‍යායාම අවශ්‍යමයි

ක්ලාන්ත වීමට හේතුව කුමක්ද?