අපි හැමදාම දකින ඉර හඳ, මේ මහ පොළොව සදාකාලිකයි කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි යථාර්ථය ඊට වඩා වෙනස්. තව වසර බිලියන 5කින් විතර, අපේ සූර්යයා තමන්ගේ මධ්‍යයේ තියෙන හයිඩ්‍රජන් ඉන්ධන අවසන් කරලා “රතු යෝධයෙක්” (Red Giant) බවට පත්වෙන්න පටන් ගන්නවා. ඒක එකපාරටම සිද්ධ වෙන පිපිරීමක් නෙවෙයි; ඒක තරු වල ස්වභාවය අනුව සිදුවන ඉතා සෙමින් සිදුවන වෙනස් වීමක්.
කාලයත් සමඟ සිදුවන වෙනස:
• වසර බිලියන 1කින්: සූර්යයා දැන් පවතිනවාට වඩා 10%ක් පමණ දීප්තිමත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට පෘථිවියේ සාගර වාෂ්ප වෙන්න පටන් ගන්නවා. සංකීර්ණ ජීවීන්ට පැවතීම අභියෝගයක් වේවි.
• වසර බිලියන 5කින්: සූර්යයා ක්‍රමයෙන් විශාල වෙලා බුධ සහ සිකුරු ග්‍රහලෝක ගිලගන්නවා. පෘථිවියත් ඒ ගින්නටම හසුවෙන්න හෝ දැවී ගිය පාෂාණ ගොඩක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා.
අපි අද කරන වාද විවාද, අපි හදපු මහා නගර, අපේ ඉතිහාසය, ඡායාරූප… මේ හැම දෙයක්ම භෞතික විද්‍යාවේ නියමයන්ට අනුව මැකී යාවි. ඩයිනෝසරයන් මිලියන 160ක් රජ කරලත් වඳ වී ගියා නම්, වසර ලක්ෂ කිහිපයක් පමණක් පැවති අපිට ස්ථිර පැවැත්මක් ගැන සහතික වෙන්න බැහැ.
අපේ තීරණය කුමක්ද?
අපි එකම ග්‍රහලෝකයකට සීමා වුණොත්, වඳ වී යාම යනු හුදෙක් ගණිතමය නිගමනයක් පමණයි. නමුත් අපි වෙනත් ග්‍රහලෝක කරා ගමන් කළොත්, මානව වර්ගයාගේ ආයු කාලය තවත් දීර්ඝ කරගන්න අපිට පුළුවන්. සූර්යයා තමන්ගේ රාජකාරිය කරාවි. අපි අපේ අනාගතය වෙනුවෙන් මොකද කරන්නේ?
මූලාශ්‍ර (Sources):
1. NASA: The Life Cycle of a Star.
2. Space.com: “The fate of the Earth as the sun swells.”
3. Journal: “Disturbing the solar system” – Nature (Scientific models on stellar evolution).
තවත් මෙවැනිම තොරතුරු දැනගන්න දැන්ම Facebook Page එක follow කරන්න,Like කරන්න,යාලුවන්ටත් දැනගන්න Share කරන්න
උපුටා ගැනීම : Sinha Ruu


