in

මුහුද මැද හැදුණු යෝධ “චෙස් බෝඩ්” එක!

දෑස් අදහාගත නොහැකි, අතිශය දුර්ලභ “කොටු රළ” (Square Waves).

​අපි මුහුදට ගියාම දකින්නේ මොනවද? වෙරළට එන දිගු රළ පේළිනේ.

ඒත් ඔබ කවදාහරි දැකලා තියෙනවද මුහුදේ වතුර හරියටම “කොටු හැඩේට” (Square shape) නිර්මාණය වෙනවා?

​පහලින් ඇති ඡායාරූපය දිහා හොඳට බලන්න. මේක පරිගණකයකින් සැකසූ (Photoshop) පින්තූරයක් නෙවෙයි. ඇත්තටම ලෝකයේ සමහර තැන්වල සිදුවන පුදුම සහගත ස්වභාවික සිදුවීමක්.

​මේකට කියන්නේ “Square Waves” නැත්නම් “Cross Sea” කියලා.

🔹කොහොමද මෙහෙම වෙන්නේ?

මෙය හරිම දුර්ලභ අවස්ථාවක්. සරලව කිව්වොත්,

මුහුදේ එක පැත්තකින් එන සුළඟක් නිසා හැදෙන රළ පහරක් සහ, ඊට ප්‍රතිවිරුද්ධ පැත්තකින් එන තවත් රළ පහරක් එකිනෙක ගැටුණාම (හරියටම අංශක 90 කෝණයකට) තමයි මේ විදිහට මුහුද මතුපිට “චෙස් ලෑල්ලක්” වගේ කොටු හැඩේට පේන්න ගන්නේ.

🔹ලස්සන වුණාට මාරාන්තිකයි!

මේක උඩින් බලද්දී හරිම ලස්සනයි, සිත් ඇදගන්නාසුළුයි.

හැබැයි මේ වෙලාවට මුහුදට බහින එක, පිහිනන එක අතිශය භයානකයි.

මේ කොටු හැඩේ රළ යට ඉතා ප්‍රබල දිය වැල් (Rip currents) ක්‍රියාත්මක වෙනවා. කොච්චර දක්ෂ පිහිනුම් ශූරයෙක්ට වුණත් මේ වෙලාවට ගොඩ එන්න හරිම අමාරුයි.

​ලොකු නැව් පවා මේ වගේ අවස්ථාවලදී මේ කලාපවලට යන්නේ නෑ, මොකද ඒ රළ පහරවලට නැව පෙරළෙන්න වුණත් ඉඩ තියෙන නිසා.

🔹කොහෙද මේවා තියෙන්නේ?

ලෝකේ ප්‍රසිද්ධම තැනක් තමයි ප්‍රංශයේ “Rhe Island” (Ile de Ré) දූපත අවට ප්‍රදේශය. එතන ප්‍රදීපාගාරයට නැග්ගම මේ දසුන ඉතාම ලස්සනට බලාගන්න පුළුවන්.

ඉතින් ​ස්වභාවධර්මය කොච්චර පුදුම තැනක්ද!

​මේ වගේ දසුනක් ඔයා මීට කලින් දැකලා/අහලා තියෙනවද?

Comment එකක් දාන්න. 👇

උපුටා ගැනීම : Sandahana – සදහන

What do you think?

Written by Mic

හිම වලසාගේ (Polar Bear) විස්මිත වර්ණ රහිත ලොම්

අහසින් යන අලුත්ම ඔත්තුකරුවෝ! පණ තියෙන පරවියන්ව GPS “Biodrones” බවට පත් කළ රුසියානු තාක්ෂණය.