ක්ෂීරපායී සතුන් අතරින් දිගුම ගැබ්ගැනීමේ කාලයක් තියෙන්නේ කාටද කියලා ඇහුවොත්, ඒකට දෙන්න තියෙන එකම උත්තරය තමයි අලි අම්මලා. අප්‍රිකානු අලි මව්වරුන් මාස 20ත් 22ත් අතර කාලයකුත්, ආසියානු අලි මව්වරුන් මාස 18ත් 22ත් අතර කාලයකුත් තමන්ගේ පැටවාව කුස තුළ දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ කාලය අවුරුදු දෙකකට ආසන්නයි!
ඇයි මේ තරම් කාලයක් යන්නේ? මේකට ප්‍රධානම හේතුව පැටවාගේ ශරීරයේ සහ මොළයේ වර්ධනයයි. ඉපදෙනකොටම මේ අලි පැටවෙක් කිලෝග්‍රෑම් 90ත් 120ත් අතර විශාල බරකින් යුක්ත වෙනවා. ඒ වගේම අලියා කියන්නේ හරිම බුද්ධිමත්, රංචු වශයෙන් ජීවත් වෙන සතෙක්. රංචුවක් එක්ක ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ සංකීර්ණ මොළයේ වර්ධනය කුස තුළදීම සම්පූර්ණ වෙන්න මේ තරම් දිගු කාලයක් අලි පැටවෙකුට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.
අවුරුදු දෙකක් පැටවෙක් කුසේ දරාගෙන ඉන්නවා කියන්නේ අලි අම්මා කෙනෙකුට ගොඩක් අමාරු, ශක්තිය වැයවෙන වැඩක්. ඒ නිසාම මේ මව්වරුන් පැටවෙක් බිහිකරන්නේ අවුරුදු 4කට සැරයක් විතරයි.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

