in

යෝධ පැන්ඩා අම්මලාට “බටර් කෑල්ලක්” තරම් පොඩි පැටව් ඉපදෙන්නේ ඇයි?

යෝධ පැන්ඩා (Giant Panda) කියන්නේ කොයිතරම් විශාල, බර සතෙක්ද කියලා අපි කවුරුත් දැකලා තියෙනවා. හැබැයි මේ තරම් ලොකු සතෙකුට ඉපදෙන්නේ හිතාගන්නවත් බැරි තරම් පුංචි පැටියෙක් කිව්වොත් ඔබ පුදුම වේවි! අලුත උපන් පැන්ඩා පැටියෙකුගේ බර ග්‍රෑම් 100ක් විතරයි. ඒ කියන්නේ හරියටම කඩෙන් ගේන සාමාන්‍ය බටර් කෑල්ලක් තරම් මේ පැටවා පොඩියි!

පැන්ඩා අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 90කට වඩා බරයි. ඒ කියන්නේ අම්මා වගේ 900 ගුණයක් බරින් අඩුවෙන් තමයි මේ පැටවා ඉපදෙන්නේ. ලෝකයේ ක්ෂීරපායී සතුන් අතරින් මවට සාපේක්ෂව කුඩාම බරකින් උපදින සතා වෙන්නෙත් පැන්ඩයි. උපදිනකොට මේ පැටවුන්ට ඇස් පේන්නේ නැහැ, ඇඟේ මවිල් නැහැ, හම සම්පූර්ණයෙන්ම රෝස පාටයි. ඒ නිසා මුල් සති කිහිපය පුරාවටම මේ පැටියා ජීවත් වෙන්නේ අම්මාගේ උණුසුම සහ කිරි මත පමණයි.

ඇයි මේ තරම් පොඩි පැටව් ඉපදෙන්නේ? මේකට ප්‍රධානම හේතුව විදිහට විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පැන්ඩලාගේ කෑම වේලයි. ඔවුන් කෑමට ගන්නේ උණ බම්බු (bamboo) පමණයි. උණ බම්බුවල පෝෂණය සහ ශක්තිය ගොඩක් අඩු නිසා, කුස තුළ ඉන්න පැටවාට සම්පූර්ණ වර්ධනයක් ලබාදෙන්න අම්මාගේ සිරුරට හැකියාවක් නැහැ. ඒ නිසා මේ පැටවුන්ට සිද්ධ වෙනවා කුසෙන් එළියට ඇවිත් ඉතුරු වර්ධනය සම්පූර්ණ කරගන්න.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කරපු එකම රෝගය ගැන ඔබ දන්නවාද?

ලොව බලවත්ම Passport