in

ලෝකයේ වේදනාකාරීම සහ භයානකම දරු උපත සිදුවෙන සත්වයා: තිත් හයිනා!

සොබාදහම කොතරම් ලස්සන වුණත්, සමහර වෙලාවට ඒක හරිම කෲරයි. මුළු සත්ව ලෝකයම ගත්තාම, වේදනාකාරීම සහ භයානකම දරු උපතකට මුහුණ දෙන්නේ “තිත් හයිනා” (Spotted Hyena) කියන සත්වයායි.

මේකට ප්‍රධානම හේතුව තමයි මේ ගැහැණු සතුන්ගේ තියෙන අසාමාන්‍ය ප්‍රජනන පද්ධතිය. මේ මව්වරුන්ට පැටවුන් බිහිකරන්න වෙන්නේ “pseudo-penis” කියලා හඳුන්වන අඟලක් (සෙන්ටිමීටර් 2.5ක්) විතර ඉතාමත් පටු නාලයක් හරහායි. ඉපදෙන පැටවා ප්‍රමාණයෙන් සෑහෙන ලොකු නිසා මේ පටු කුහරය හරහා එළියට එන එක අම්මාට වගේම පැටවාටත් මාරාන්තිකයි.

පළමු වතාවට පැටව් දාන අම්මලාට මේකෙන් තියෙන අවදානම හුඟක් වැඩියි. මේ අවයවය ඉරීයාම නිසා අධික රුධිර වහනයක් සහ ආසාදන ඇතිවෙලා 10%ත් 18%ත් අතර මව්වරුන් ප්‍රමාණයක් දරු ප්‍රසූතියේදීම මියයනවා. ඒ වගේම මේ පටු කුහරයේ හිරවීමෙන් හුස්ම ගන්න බැරිව ඉපදෙන පැටවුන්ගෙනුත් විශාල ප්‍රමාණයක් මියයනවා. මේ ප්‍රසූත වේදනාව සමහරවිට දවස් දෙකක් විතර එක දිගට පවතින්න පුළුවන්. දරුණු වේදනාවකින් සහ තුවාල සහිතව අප්‍රාණික වෙලා ඉන්න මේ අම්මා, ඒ අමාරුව අස්සෙත් තමන්ගේ පැටව් ටික රංචුවේ ඉන්න අනිත් සතුන්ගෙන් සහ සතුරන්ගෙන් බේරගන්න විශාල සටනක් කරනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

සෝවියට් දේශයේ “අදෘශ්‍යමාන යක්ෂයා”

උදේ පාන්දරම “තුවා දාලා” පුටු අල්ලපු අයට විරුද්ධව නඩු දාලා දිනපු අපූරු සංචාරකයා!