නිවාඩුවක් ගත කරන්න හෝටලයකට ගියාම තටාකය (pool) ළඟ තියෙන පුටුවල වෙන අය තමන්ගේ තුවා දාලා ඒ පුටු වෙන් කරගෙන ඉන්නවා ඔබත් දැකලා ඇති. මේ වැඩේ නිසා තමන්ට පුටුවක් නැතිවුණු ජර්මානු ජාතිකයෙක්, තමන්ගේ සංචාරක නියෝජිතයාට (tour operator) එරෙහිව නඩු දාලා වන්දියකුත් දිනාගත්තු අපූරු පුවතක් ජර්මනියෙන් වාර්තා වෙනවා!
2024 අවුරුද්දේ මේ ජර්මානු ජාතිකයා තමන්ගේ පවුලේ අයත් එක්ක ග්‍රීසියේ (Greece) “Kos” කියන දූපතේ තියෙන හෝටලයකට නිවාඩුවක් ගත කරන්න ගිහින් තියෙනවා. මේ හෝටලයේ තුවා දාලා පුටු වෙන් කරන එක තහනම් කරලා තිබුණත්, අනිත් අමුත්තන් පාන්දර 6 වෙද්දීම ඇවිත් පුටු ටික ඔක්කොම අල්ලගෙන. මේ නිසා මේ පවුලට තටාකය ළඟ බිම ඉඳගන්න පවා සිද්ධ වෙලා තියෙනවා. හෝටලයේ නීති හරියට ක්‍රියාත්මක නොකිරීම ගැන සංචාරක නියෝජිතයාට පැමිණිලි කළත් ඔවුන් එය ගණන් අරන් නැහැ. ඒ නිසා මේ පුද්ගලයා කෙලින්ම ගියේ උසාවියටයි.
ජර්මනියේ හැනෝවර් (Hanover) නුවර උසාවිය මේ පුද්ගලයාගේ පැත්ත අරගෙන අපූරු තීන්දුවක් ලබා දුන්නා! විවේකීව ඉන්න පුටුවක් නැතිවීම නිසා ඔවුන්ගේ නිවාඩුවේ වටිනාකම අඩුවෙලා තියෙන බව පිළිගත්ත විනිසුරුවරයා, සංචාරක නියෝජිතයාට නියෝග කළේ මේ පුද්ගලයාට ස්ටර්ලින් පවුම් 850ක (රුපියල් ලක්ෂ 3කට අධික) වන්දියක් ගෙවන්න කියලයි. මේ අපූරු නඩු තීන්දුවත් එක්ක, හෝටල්වල වෙනත් අමුත්තන් කරන මේ වගේ කරදරකාරී වැඩවලටත් වගකියන්න සංචාරක නියෝජිතයන්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


