in

ලොව දරුණුතම දඩයක්කාරයාගේ වනෝද්‍යානය

ජිම් කොර්බට් ජාතික වනෝද්‍යානය! 🐅🔥

ලෝකේ වැඩිම ව්‍යාඝ්‍රයන් ප්‍රමාණයක් එකම තැනක ජීවත් වෙන්නේ කොහේද කියලා ඔයාලා කවදාහරි හිතලා තියෙනවාද? ඒ තමයි ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ, හිමාලය කඳු පාමුල පිහිටලා තියෙන අද්භූත වනාන්තරය – ජිම් කොර්බට් (Jim Corbett) ජාතික වනෝද්‍යානය.

1. ආරම්භය ⏳

මේක නිකන්ම වනාන්තරයක් නෙවෙයි, ඉන්දියාවේ පිහිටුවපු පළමු ජාතික වනෝද්‍යානයයි. මෙය ආරම්භ කළේ 1936 වසරේදී. මුලින්ම මේකට කිව්වේ “හේලි ජාතික වනෝද්‍යානය” (Hailey National Park) කියලා. ඉන්පසුව මෙය “රාම්ගංගා ජාතික වනෝද්‍යානය” ලෙසත් හඳුන්වනු ලැබුවා.

2. “ජිම් කොර්බට්” නම ලැබුණේ කොහොමද? 📖

අපේ පේජ් එකත් එක්ක දිගටම ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් ජිම් කෝර්බට් නාමය හුරු පුරුදුයි.ජිම් කොර්බට් කියන්නේ ඉස්සර කාලේ ඉන්දියාවේ මිනිස් මස් කන්න පුරුදු වුණු (Man-eaters) දරුණු කොටින් සහ ව්‍යාඝ්‍රයන් සිය ගණනක් දඩයම් කරපු දක්ෂ දඩයක්කාරයෙක්. හැබැයි පස්සේ කාලෙක ඔහු තේරුම් ගත්තා මේ සත්තු විනාශ වුණොත් සොබාදහමට වෙන හානිය. ඒ නිසා ඔහු මේ සත්තුන්ව ආරක්ෂා කරන්න කැපවුණු දැවැන්ත පරිසරවේදියෙක් වුණා. ඔහුට ගෞරවයක් විදියටයි 1956 දී මෙයට “ජිම් කොර්බට්” නම තිබ්බේ.

3. ප්‍රමාණය 🐾

වර්ග කිලෝමීටර් 520කට වඩා වැඩි භූමි ප්‍රමාණයකින් යුක්ත මේ වනාන්තරයේ, ලෝකේ වෙන කොහේවත් නැති තරම් වැඩි ව්‍යාඝ්‍ර ඝනත්වයක් තියෙනවා. නවතම දත්ත වලට අනුව ව්‍යාඝ්‍රයන් 250කට වඩා වැඩි ප්‍රමාණයක් මෙහි ජීවත් වෙනවා. ඒ කියන්නේ හැම වර්ග කිලෝමීටර් කිහිපයකටම එක ව්‍යාඝ්‍රයෙක් බැගින් ඉන්නවා!

4. ව්‍යාඝ්‍රයන්ට අමතරව ඉන්න අනෙක් “බිහිසුණු” සත්තු 🐘🐊

මේ වනාන්තරය ව්‍යාඝ්‍රයන්ට විතරක් නෙවෙයි, තවත් සත්ව විශේෂ රැසකට ආරක්ෂිත නවාතැනක්:

• ආසියානු අලි: විශාල රංචු පිටින් ඉන්න අලි මෙහි නිතරම දැකගන්න පුළුවන්.

• කොටින් (Leopards): ව්‍යාඝ්‍රයන්ට අමතරව ඉතාමත් රහසිගතව ජීවත් වෙන දක්ෂ දඩයක්කාරයෝ මෙහි ගැවසෙනවා.

• කිඹුලන්: රාම්ගංගා නදියේ ඉන්න “Mugger” සහ “Gharial” කියන කිඹුල් විශේෂ දෙකම මෙහි ඉන්නවා.

• වලසුන්: මාරක “Sloth Bear” සහ “Himalayan Black Bear” විශේෂත් මේ වනාන්තරයේ සැඟවිලා ඉන්නවා.

• මීට අමතරව මුවන්, වල් ඌරන් සහ පක්ෂි විශේෂ 600කට වඩා මෙහි වාසය කරනවා.

ඔයා දන්නවාද? ලෝකයේ ඉතිරි වෙලා ඉන්න ව්‍යාඝ්‍රයන්ගෙන් 75% කට වඩා ඉන්නේ ඉන්දියාවේ. ඒ අතරින් මේ ජිම් කොර්බට් වනෝද්‍යානය කියන්නේ උන්ගේ ප්‍රධානම බලකොටුවයි. 🇮🇳

සොබාදහමේ මේ වගේ අමුතු තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න! 🐯👇

උපුටා ගැනීම : Unknown Diary

What do you think?

Written by Mic

උදේ පාන්දරම “තුවා දාලා” පුටු අල්ලපු අයට විරුද්ධව නඩු දාලා දිනපු අපූරු සංචාරකයා!

අල්ලක් තරම්වත් නැති ලෝකයේ කුඩාම “විෂ සර්පයා”