in

කූඹි කන්නෝ..

ස්වභාවධර්මයේ නිර්මාණ මොන තරම් සංකීර්ණද කියලා අපිට හිතාගන්නවත් බෑ කියන එකට උදාහරණ ඕන තරම් මම කලින් දීලා ඇතිනේ..ඉතින් අදත් මම කියන්නෙ යන්නෙ අන්න එහෙම අපූරු නිර්මාණයක් ගැන..ගොඩක් දුරට ඔයා පහුගිය දවස් වල වයිරල් වුන ගහක නගින සතෙක්ගෙ වීඩියෝ එක දකින්න ඇතිනේ..ඒත් කව්ද ඒ අමුතු සතා..ඇයි එයා ගහක නගින්නෙ..මොකක්ද එයාගෙ පරමාර්ථය..අන්න ඒ දේවල් වලට හේතුව මොකක්ද කියලා දැන් අපි බලමුකෝ..හරි හරි දැන් කෑගහන්න එපා, කලබල කරන්න එපා, අපි එහෙනම් සද්ද නැතුව කතාවට බහිමු..🧘‍♂

ගොඩක් දුරට ඔයා දැකලා ඇති ඇඟ පුරා බූල් තියන, තරමක් දිග නැට්ටක් වගේම, අලියෙකුගෙ හොඬයකට සමාන කටක් පිහිටලා තියන අපූරු සත්වයෙක්ව..එහෙම කෙනෙක්ව දැකලා තියනවනම් අන්න එයා තමයි අද අපේ ලිපියට මුලපුරන Anteater එහෙමත් නැත්නම් කූඹි කන්නා කියලා කියන්නෙ..ඒ වගේම මේ Anteater ලා ප්‍රධාන Species 4 ක් දැනට ලෝකෙ ජීවත් වෙනවා..ඒ තමයි Giant Anteater, Southern Tamandua, Northern Tamandua, Silky Anteater කියන විශේෂ හතර..ඉතින් මේ අපූරු සත්වයාට කූඹි කන්නා වගේ නමක් ලැබෙන්න හේතුව වෙන්නෙ Myrmecophagidae පවුලට සහ Vermilingua උප කුලයට අයිති වෙන මේ සත්වයා සම්පූර්ණයෙන්ම Insectivore ( කෘමීභක්ෂක ) සත්වයෙක් වෙන එක..ඒකෙ තේරුම තමයි පුතා මේ අපූරු සත්වයගෙ ප්‍රධාන ආහාර වෙන්නෙ කූඹි, වේයො වගේ සත්තුම විතරයි..මෙතන තියන හොඳම දේ තමයි මෙයාට මොනම ආකාරයකවත් දත්නම් පිහිටලා නෑ..මෙන්න මේ වගේ දත් පිහිටලා නැති සතුන්ව විද්‍යාත්මකව හඳුන්වනවා Edentate Animals ලා විදිහට..කොහොම උනත් දත් වෙනුවට අඩි 2 ක් තරම් දිග ඇලෙනසුළු දිවක් ස්වභාවධර්මය විසින් මෙයාට දීලා තියනවා වගේම මෙයා කරන්නෙ මේ ඇලෙන දිව ගුල් ඇතුලට දාලා දිවේ කෘමී සත්තු ඇලුනාට පස්සෙ දිව ආයෙත් තමන්ගෙ කට ඇතුලට ගන්න එක..මේ විදිහට දවසකට වේයො, කූඹි 30,000 ක පමණ ප්‍රමාණයක් ආහාරයට ගන්න මේ Anteater කෙනෙක්ට පුළුවන් වෙනවා..ඊට අමතරව පලතුරු, කුරුළු බිත්තර, පණුවන් සහ මී මැස්සන් වගේ සතුන් පවා මේ අය ආහාරයට ගන්නවා..

මෙතන තියන තවත් හොඳම දෙයක් තමයි ලෝකෙ ඉන්න ක්ෂීරපායී සතුන්ගේ අවම ශරීර උෂ්ණත්වයට හිමිකම් කියන අමුත්තා මෙන්න මේ Anteater වෙන එක..ඒකට අනුව මෙයාගෙ ශරීර උෂ්ණත්වය වෙන්නෙ ෆැරන්හයිට් අංශක 89.6 ක පමණ උෂ්ණත්වයක්..( උන..ඒ මොකක්ද ඒ 🥴 ) ඒ වගේම මේ කූඹි කන්නන්ගෙ ප්‍රධානම විලෝපිකයො වෙන්නෙ බළල් පවුලේ දරුණුතම දඩයක්කාරයෙක් වෙන ජුගුවර් , පූමා වගේ අය..ඒත් මෙතන තියන ප්‍රශ්නෙ තමයි ආරක්ෂාව වෙනුවෙන් දත්වත් පිහිටලා නැති මේ අහිංසකයා අනතුරක් වෙලාවෙදි ආරක්ෂා වෙන්නෙ කොහොමද කියන එක..අපොයි ඒක ගැනනම් හිතන්න දෙයක් ඇත්තෙම නෑ..මොකද තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් මේ සතුන්ට ලැබිලා තියනවා පිහි තල තරම් තියුණු වගේම ශක්තිමත් දිග නියපොතු..ඉතින් අනතුරක් කරන්න පුළුවන් සතෙක් ආපු ගමන් මේ අය කරන්නෙ කකුල් දෙකෙන් හිටගෙන තමන්ගෙ අත් විදහගෙන තියුණු නියපොතු වලින් සතුරාට පහරදෙන්න උත්සහ කරන එක..ඒ වගේම මේ Anteater ලාගෙ සමහර විශේෂ ඉතාමත්ම දක්ෂ ගස් නගින්නන්..තමන්ගෙ අත් වගේම වලිගය භාවිතා කරලා ශරීරයේ සමතුලිතතාවය පවත්වාගෙන ආහාර හොයාගෙන ගස් නගින්න මේ අයට තියෙන්නෙ සහජයෙන්ම හම්බුන දක්ෂකමක්..ඒ වගේම වනාන්තරයෙදි අවුරුදු 14 – 15 ක පමණ ආයු කාලයක් අරගෙන යන්න මේ අයට හැකියාව ලැබෙනවා..කොහොම වුනත් මෙන්න මේක තමයි ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුන අපූරු අමුත්තාගෙ ජීවිත කතාව..ඉතින් පුතා වෙනදා වගේම අදත් කියන්න තියෙන්නෙ මේ ඉන්නෙත් අපේ ස්වභාවධර්මයේ විශ්මිතම නිර්මාණයක් කියලා තමයි..🍂

සටහන – Shan Kottegoda✍🏼

කතෘ අයිතිය සුරකින්න 🚫

What do you think?

Written by Mic

අහසේදී අතුරුදහන් වුණු ලංකාවේ අසමසම කෝටිපතියා

මරණීය උපත්..