in

ලෝකයේ විශාලම නගරය

චීනයේ චොංකිං (Chongqing)!

ඔයා දන්නවාද ලෝකයේ තියෙන අමුතුම සහ සංකීර්ණම නගරය මොකද්ද කියලා? ඒ තමයි චීනයේ පිහිටා තියෙන චොංකිං නගරය. මේ නගරය ගැන කියවෙන කරුණු ඇහුවම ඔබට හිතෙයි මේක වෙනත් ග්‍රහලෝකයක නගරයක්ද කියලා!

මේක නිකන්ම නිකන් නගරයක් නෙවෙයි, හරියට “Video Game” එකක් ඇතුළේ තියෙන නගරයක් වගේ. මේ නගරය ඇතුළේ තියෙන අමුතුම සහ භයානක පැති ටිකක් තමයි මේ…

🏢 ලංකාවටත් වඩා විශාල නගරයක්?

පරිපාලන සීමාවන් ගත්තොත් චොංකිං නගරය වර්ග කිලෝමීටර් 82,000කට වඩා වැඩියි. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාවටත් වඩා මේ නගරය විශාලයි.

👨‍👩‍👧‍👦 මිලියන 32ක මිනිස් කන්දරාවක්!

ඔබ දන්නවාද, මේ එක නගරයක් ඇතුළේ ජීවත් වෙන සෙනඟ මුළු ශ්‍රී ලංකාවේම ඉන්න සෙනඟටත් වඩා වැඩියි? මෙහේ ජනගහනය මිලියන 32කට වඩා වැඩියි. ඒ කියන්නේ මේක ලෝකයේ තියෙන ජනාකීර්ණම “පරිපාලන නගරය” විදියටත් සැලකෙනවා. කොයි වෙලෙත් පාරවල් වල සෙනඟ පිරිලා, හැමතැනම කාර්යබහුලයි.

🏭 ලෝකයේ “Laptop” කර්මාන්තශාලාව!

ඔබ අතේ තියෙන ලැප්ටොප් එකත් සමහරවිට මේ නගරයේ හදපු එකක් වෙන්න පුළුවන්. ලෝකයේ නිපදවන සෑම ලැප්ටොප් 3කින් එකක්ම හදන්නේ මේ චොංකිං නගරයේයි. ඒ වගේම කාර් නිෂ්පාදනය අතින් මේ නගරය චීනයේ ප්‍රධානම මධ්‍යස්ථානයක්. මේ දැවැන්ත කර්මාන්ත නිසාම නගරය හැමතිස්සෙම දුමාරයෙන් සහ මීදුමෙන් වැහිලා තියෙන්නේ.

🌑 චොංකිං වල අඳුරු පැතිකඩ

මේ ලස්සන ආලෝක පද්ධති වලට පිටුපසින් ලොකු අඳුරු පැත්තකුත් තියෙනවා.

• මීදුම සහ දූෂණය: මේ නගරයට කියන්නේ “Fog City” කියලා. ඒ කියන්නේ වසරේ වැඩි කාලයක් නගරය තද මීදුමෙන් වැහිලා තියෙන්නේ. ඒත් එක්කම අධික කර්මාන්තශාලා දුම නිසා වාතය ගොඩක් දූෂණය වෙලා තියෙනවා.

• අතීතයේ පාතාලය (Triads): 2000 දශකයේ මුල් භාගයේදී චොංකිං කියන්නේ චීනයේ භයානකම පාතාල කල්ලි (Triads) රජ කරපු නගරයක්. දූෂිත දේශපාලකයෝ සහ පාතාලය එකතු වෙලා මුළු නගරයම පාලනය කළා. ඒ කාලේ මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මේ පාරවල් අස්සේ ඕනෑ තරම් සිද්ධ වුණා.

• අධි ආරක්‍ෂිත පාලනය: මේ අපරාධ රැල්ල මර්දනය කරන්න චීන රජය දැවැන්ත මෙහෙයුමක් දියත් කළා. දැන් මේ නගරය පුරා ලක්ෂ ගණනක් CCTV කැමරා සවි කරලා තියෙනවා. ඔබ පාරේ ඇවිදින හැම තත්පරයක්ම කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් දැනෙන්නේ ඒකයි.

🕵️‍♂️ අතරමං වුණොත් දෙවියන්ගේම පිහිටයි!

මෙහේ අපරාධ වලටත් වඩා භයානක දේ තමයි අතරමං වීම. තට්ටු 20ක් උඩ පාලම් තියෙන නිසා, පොළොව මට්ටම හොයාගන්න බැරිව මිනිස්සු මානසිකව පවා වැටෙන අවස්ථා තියෙනවා. සමහර තැන් වල ගොඩනැගිලි අස්සේ තියෙන පටු ගුහා වගේ පාරවල් වල තනියම යන එක ටිකක් බය හිතෙන වැඩක්.

🚗 ඔබේ GPS එකත් අතරමං වෙන නගරය!

මේ නගරයේ පාරවල් පිහිටලා තියෙන්නේ තට්ටු කිහිපයකට. ඔබ පාරක ගමන් කරනකොට හිතන්න පුළුවන් ඔබ ඉන්නේ පොළොව මට්ටමේ කියලා. ඒත් ඔබ ඉන්නේ තවත් විශාල ගොඩනැගිල්ලක 15 වෙනි තට්ටුවේ වෙන්න පුළුවන්!

• Overpasses: මෙහි සමහර පාලම් තට්ටු 5ක් හෝ 6ක් උසට ඉදි කරලා තියෙනවා. එක පාරක් වැරදුණොත් මුළු නගරයම වටේ ගිහින් එන්න සිද්ධ වෙනවා.

ඉතින්, මේ වගේ ලංකාවටත් වඩා ලොකු, දියුණු ඒ වගේම අද්භූත නගරයකට යන්න ඔබ කැමතිද?

උපුටා ගැනීම : Unknown Diary

What do you think?

Written by Mic

මරණයේ පිහි තල? ලොව භයානකම “ගල් වනාන්තරය”