වසර 80කට කලින් පවුල් 40ක් විතර හිටපු මේ ලස්සන “පෆින්” කුරුලු ජනපදයේ දැන් ඉතිරි වෙලා ඉන්නේ පවුල් 3ක් විතරයි. ඒ කියන්නේ මුළු කලාපයටම කුරුල්ලෝ හය දෙනයි.
පසුගිය ශීත කාලයේ ආපු දරුණු කුණාටු නිසා මේ හයදෙනාත් මැරෙන්න ඇති කියලා හැමෝම බයෙන් හිටියේ. හැබැයි හැමෝම පුදුම කරමින් මේ කුරුල්ලෝ හයදෙනා ආයෙත් තමන්ගේ නිදන් කරන ප්‍රදේශයට ඇවිත් තියෙනවා!
විසඳන්න බැරි අභිරහස:
පහුගිය අවුරුදු කිහිපයේම මේ කුරුල්ලෝ බිත්තර දැම්මා, පැටව් හැදුණා. හැබැයි එකම එක පැටියෙක්වත් ලොකු වෙනකම් ජීවත් වුණේ නෑ. ඒ හැමෝම අභිරහස් විදිහට අතුරුදන් වුණා.
දැන් මොකද කරන්නේ?
විද්‍යාඥයෝ දැන් මේ කුරුල්ලෝ ලඟ සූර්ය බලයෙන් වැඩ කරන රහසිගත කැමරා සවි කරලා තියෙනවා.
පැටවුන්ට මොකද වෙන්නේ?
සතුරෙක් එනවාද?
නැත්නම් කෑම මදිද?
මේ ප්‍රශ්න වලට උත්තර මේ අවුරුද්දේ අන්තිම වෙද්දී ලැබෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


