in

අන්ධකාරයේ රජවරු..

ඔයා වව්ලාව දන්නවද..? දන්නෙ නෑ කිව්වොත් ඔයා මේ මන්දාකිණියෙ කෙනෙක් වෙන්නනම් බෑ..කොහොම වුනත් අද මං කියන්න යන්නෙ හැමෝම දන්න වව්ල්ලු ගැන කියවන්න ආස හිතෙන දේවල් ටිකක්..ඉතින් වැඩි අටකලම්පන්න නැතුව අපි දැන් කතාවට බහිමුකෝ..

ඉර බැහැගෙන ගිහින් ගමට අඳුර වැටීගෙන එන ගොම්මන් යාමෙදි ගුප්ත සද්දයක් එක්ක අහසෙ පාවෙන එක අත්භූත හෙවනැල්ලක් ඔයාට දකින්න ලැබෙනවා..ඒ වගේම අඳුර වැටීගෙන එද්දි මේ අඳුරු හෙවනැලි ටිකෙන් ටික රාත්‍රියෙ පාලනය තමන්ගෙ අතට ගන්නවා..ඉතින් මේ තමයි නම කිව්වහම නොදන්න කෙනෙක් නැති සොබාදහමේ අපූරුතම නිර්මාණයක් වුන “වව්ලා”..මේ වව්ලා ( Bat ) කියලා කියන්නෙ පියාඹන්න පුළුවන් වුනාට පක්ෂියෙක් නෙවෙයි කියන්න ඔයා දන්නවනේ..මොකද එයා ක්ෂීරපායී සත්වයෙක්..( කුක්කු තමයි ජීවිතේ )..ඒ වගේම ලොව පුරා වව්ලන් විශේෂ 1500 කට වඩා ඉන්නවා..මෙතන වඩාත්ම සිත්ගන්නාසුළු දේ තමයි ප්‍රධාන ආහාර රටාව අනුව මොවුන් විවිධ කොටස් වලට වෙන් වෙන එක..ඒ කියන්නෙ දරුවෝ මෙහෙමයි..මේ වව්ලන්ගේ ප්‍රධාන වශයෙන් මල් පැණි මත යැපෙන ( Nectarivore ) වව්ල් විශේෂ ඉන්නවා..මේ අය පරාගනයට වචනෙන් කියන්න බැරි තරම් ලොකු දායකත්වයක් දක්වනවා..ඒ වගේම පළතුරු මත යැපෙන ( Frugivores ) අයත් ඉන්නවා..උදාහරණයක් විදිහට ( මා වවුලා ) වගේ අය..ඒ වගේම කෘමී සතුන් මත යැපෙන ( Insectivore ) අයත් ඉන්නවා..වැදගත්ම දේ තමයි මේ ඔක්කොම ඇතුලෙ වෙනත් සතුන්ගේ රුධිරය මත යැපෙන ( Sanguivores ) වව්ල් විශේෂත් ඉන්න එක..ඒ අයව හඳුන්වන්නෙ Vampire Bat ( වැම්පයර් වව්ල්ලු ) විදිහට..කොහොම වුනත් ගොඩක් අය ආදරේ නොකරන සතෙක් වුනාට මේ වව්ලො කියලා කියන්නෙ සොබාදහම වෙනුවෙන් මිල කරන්න බැරි සේවයක් ඉටු කරන ස්වභාවධර්මයේ නිහඬ ආරක්ෂකයින්ට කිව්වත් මම හරි..ඒ වගේම වව්ල්ලු සම්බන්ධ හොඳම දේ තමයි රාත්‍රියෙදි ඔවුන් දිශාව, ආහර සහ බාධක හොයාගන්න විදිහ..ඒ ගැන කිව්වොත් මෙහෙමයි..

ලඟ ඉන්න කෙනාව නොපෙනෙන තරම් අඳුරෙ වව්ලෙක් පියාඹනවා කියලා ඔයා දැන් හිතන්නකෝ..ඉතින් මුලින්ම එයා කරන්නෙ එයාගෙ මුඛයෙන් හෝ නාසයෙන් ඉතා ඉහළ සංඛ්‍යාතයක් සහිත අතිධ්වනි තරංග ( Ultrasound ) එකපාරටම නිකුත් කරන එක..හැබැයි පුතා මේවා මිනිස් කනට ඇහෙන්නෙනම් නෑ..ඉතින් ඊටපස්සෙ වෙන්නෙ මේ නිකුත් කරන ශබ්ද තරංග ලඟ තියන ගස්, බිත්ති හෝ කුඩා කෘමීන්ගේ වැදිලා ආපහු වව්ලා වෙතම එන එක..ඒ වගේම මේ විදිහට ආපසු එන ශබ්දය ( Echo ) ඇසීමෙන්, බාධකය තමන් ඉන්න තැන ඉඳන් තියන දුර, හැඩය සහ චලනය වන දිශාව පවා මොකක්ද කියලා ගණනය කරන්න පුළුවන් අද්විතීය හැකියාවක් වව්ලන්ට තියනවා..ඒ වගේම ඔවුන්ට මිනිස්සුන්ට වඩා හොඳ ශ්‍රවන පරාසයක් වගේම රාත්‍රී දෘෂ්ඨියක් තියනවා..ඒ වගේම ඔවුන්ට ඉතාම තියුණු ඉවකුත් තියනවා..සරලවම කිව්වොත් දරුවෝ..වව්ලා කියලා කියන්නේ ශ්‍රවණය, පෙනීම සහ ඉව කියන සංවේදන තුනම උපරිමයෙන් භාවිතා කරමින් රාත්‍රී අහස ජය ගන්න සමත් වුන සතෙක්..ඒ වගේම සමහර වව්ල් විශේෂ වලට විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර ( Magnetic field ) හඳුනගන්න පවා හැකියාවක් තියනවා..කොහොම වුනත් මේ වව්ල්ලු සම්බන්ධව ගොඩක් අයට තියන වගේම පෞද්ගලිකව මගෙන් අහපු ප්‍රශ්නයක් තියනවා..ඒ තමයි වව්ල්ලු මුත්‍රා සහ මළපහ කරන්නෙ කරන්නෙ කොහොමද කියන එක..( හැබෑටම ජීවිත කාලෙම ඔලුවෙන් හිටගෙන ඉන්න ගමන් චූ කරොත් එහෙම නාන්න නේද වෙන්නෙ..🥴 )..කොහොම වුනත් මේ කකුල් දෙකෙන් එල්ලිලාම ඉන්න නිසා තවත් සමහරු දරන මතයක් තමයි වව්ල්ලු මළපහ කරන්නෙ එයාලා ආහාර ගන්න කටින්මයි කියන එක..සරලවම කියන්න තියෙන්නෙ පුතා ඒක අමුම අමු බොරුවක්..( කන එකයි දාන එකයි එකම තැනකින් කරන්න වව්ලා කියන්නෙ දියවන්නාවෙ ඉන්න එකෙක් නෙවෙයි..🥴 )..කොහොම වුනත් ඒ ප්‍රශ්නෙය උත්තරේ මෙන්න මේක..කකුල් දෙකෙන් එල්ලිලා ඉන්න ගමන් වව්ලෙක්ට මුත්‍රා හෝ මළපහ කරන්න අවශ්‍යතාවයක් ආවොත් කිසිම අවස්ථාවක ඒ ඉන්න විදිහටම වව්ල්ලු ඒ වැඩේ කරන්නෙ නෑ..ඒ වගේ වෙලාවට වව්ල්ලු කරන්නෙ කකුල් වලින් අල්ලගෙන ඉන්න ආදාරකය තමන්ගෙ අත් වලින් අල්ලගෙන කකුල් දෙක පහලටත්, ඔළුව උඩටත් හිටින විදිහට අත් දෙකෙන් එල්ලිලා කෙටි වෙලාවකට තමන් ඉන්න ඉරියව්ව වෙනස් කරන එක..ඒ විදිහට කිසිම බාධාවක් නැතුව තමන්ගෙ බහිශ්‍රාවීය අවශ්‍යතාවය සාර්ථකව කරගන්න වව්ලන්ට පුළුවන් වෙනවා..( ඔන්න ඔහොම තමයි මේවා වෙන්නෙ 🧘‍♂ )..ඉතින් මෙන්න මේක තමයි දවල්ට ගිමන් හැරලා ගොම්මන් වැටීගෙන එද්දි රාත්‍රී අහසෙ අණසක පතුරවන ස්වභාවධර්මයේ අපූරුතම හැකියාවන් ගොඩක එකතුවක් වුන වව්ලගේ ජීවිතය ගලාගෙන යන විදිහ..🍂

සටහන – Shan Kottegoda✍🏼

කතෘ අයිතිය සුරකින්න 🚫

image by google 📸

What do you think?

Written by Mic

වතුර යට සැඟවුණු කහ පැහැති මාරයා