in

ලංකාවට ආවේණික අපේ මන්ද වලසා

ශ්‍රී ලංකාවට ආවේණික සත්වයෙකු වන ශ්‍රී ලංකා මන්ද වලසා (Sloth Bear), ප්‍රධාන වශයෙන් දිවයිනේ වියළි කලාපීය වනාන්තරවල ජීවත් වේ. දිගු කළු පැහැති රෝම ස්ථරයකින් සහ පපුවේ ඇති සුදු පැහැති ‘Y’ අකුරේ හැඩති ලකුණින් මුන්ව පහසුවෙන් හඳුනාගත හැකිය. වැඩුණු පිරිමි වලසෙකු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 80 සිට 140 දක්වා බරින් යුක්ත වන අතර, ගැහැණු වලසෙකු කිලෝග්‍රෑම් 55 සිට 95 දක්වා බර වේ. උරහිස දක්වා සෙන්ටිමීටර 60-90ක් පමණ උස වන මොවුන්, දිගින් සෙන්ටිමීටර 140-190ක් පමණ වේ. වේයියන්, කුහුඹුවන් සහ විවිධ පලතුරු වර්ග ආහාරයට ගන්නා මොවුන්, තම ශක්තිමත් නියපොතු භාවිතයෙන් ගස් බෙනයන් හා හුඹස් හෑරීමට දක්ෂය. වර්තමානයේ වනාන්තර විනාශය නිසා මොවුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බැවින්, විල්පත්තුව සහ යාල වැනි ජාතික උද්‍යාන තුළ මොවුන් දැඩි ලෙස ආරක්ෂා කෙරේ.

අළුත් දේ දැනගන්න | Follow

උපුටා ගැනීම : සැ.ම්.පා

What do you think?

Written by Mic

ශ්‍රී ලංකාවට අතිශයින් සමාන තවත් දූපතක් ලෝකයේ තියෙනවාද?

සිය පවුල සහ මිතුරන් ඉදිරියේදීම පොළොවෙන් අතුරුදහන් වූ මිනිසා