in

කූඹින්ගෙන් නාන අපූරු කුරුල්ලන්!

කුරුල්ලන් කෘමීන්ව පාවිච්චි කරලා තමන්ගේ ඇඟ පිරිසිදු කරගන්නවා කියලා ඔබ අහලා තියෙනවාද? ලෝකයේ කුරුළු විශේෂ 200කට වඩා මේ අපූරු වැඩේ කරනවා. මේක විද්‍යාවේදී “anting” කියලා හඳුන්වනවා. මේක ප්‍රධාන ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. එක ක්‍රමයකදී කුරුල්ලන් තමන්ගේ හොටෙන් පණපිටින් ඉන්න කූඹින්ව අල්ලගෙන තමන්ගේ පිහාටු සහ සම පුරාම වේගයෙන් අතුල්ලගන්නවා. අනිත් ක්‍රමයේදී ඔවුන් කරන්නේ තමන්ගේ පිහාටු පුම්බාගෙන කෙලින්ම කූඹි ගුලක් උඩින් වාඩි වෙන එකයි. එතකොට කූඹින්ට පුළුවන් කුරුල්ලාගේ ඇඟ පුරාම නිදහසේ ඇවිදින්න.

හැබැයි ඇයි කුරුල්ලෙක් මේ විදිහට කූඹින්ට තමන්ගේ ඇඟේ යන්න දෙන්නේ? මේකට රහස තියෙන්නේ රසායන විද්‍යාවේ. මේ කූඹින්ට තර්ජනයක් දැනුණාම ඔවුන් “formic acid” (ෆෝමික් අම්ලය) කියන රසායනිකය පිටකරනවා. මේ අම්ලය ස්වභාවික කෘමිනාශකයක් විදිහට ක්‍රියා කරලා, කුරුල්ලාගේ පිහාටු අස්සේ හැංගිලා ඉන්න හානිකර බැක්ටීරියා, කිනිතුල්ලන් සහ අනිත් පරපෝෂිතයන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඒ වගේම අලුත් පිහාටු එන කාලෙට කුරුල්ලන්ගේ සමේ ඇතිවෙන කැසීම් වළක්වන්නත්, හරියට අපි ලෝෂන් (lotion) එකක් ගානවා වගේ මේ අම්ලය උදව් වෙන බව විද්‍යාඥයන් විශ්වාස කරනවා.

මේ පුදුමාකාර පිරිසිදු වීමේ ක්‍රමය ලෝකය පුරාම ඉන්න කුරුල්ලන් බොහෝමයක් පාවිච්චි කරනවා. Blue jays, American robins සහ වල් කළුකුම් වගේ කුරුල්ලන් පවා මේ දේ කරනවා. ඒ වගේම black woodpecker සහ black drongo (කළු කවුඩා) කියන කුරුල්ලන් තමන්ගේ පියාපත් දිගහැරගෙන කූඹින්ට තමන්ගේ ඇඟ පුරා යන්න දීලා ඉන්න අපූරු අවස්ථා ඡායාරූපවලට පවා නැගිලා තියෙනවා. අපිට මේක අමුතු දෙයක් විදිහට පෙනුණත්, මේක තමයි සොබාදහමේ තියෙන සාර්ථකම පලිබෝධ පාලන ක්‍රමය.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

UFO හෙළිදරව්ව 2026: ඉතිහාසයේ විශාලතම රහස්‍ය දත්ත මුදාහැරීම.

බ්‍රිතාන්‍යයේ සිදුවන ආරක්ෂිත පක්ෂීන්ගේ අමානුෂික ඝාතනය!