in

මුළු ලෝකයේම මිලියන ගණනකගේ හදවත් දිනාගත් ලංකාවේ සුන්දර බැදීම

ලොව පුරා මිලියන ගණනකගේ හදවත් දිනාගත්, කුඩා දැරියක් ඉත්තෑ පැටවෙකු සමඟ කුඹුරක් මැදින් ඇවිද යන සංවේදී වීඩියෝව රූගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේය. නමුත් සමාජ මාධ්‍ය බොහොමයක අසත්‍ය ලෙස ප්‍රකාශ කරන්නේ මෙය බංග්ලාදේශයේ වීඩියෝවක් යනුවෙනි.

මෙම දර්ශන, අදාළ දැරිය බංග්ලාදේශයේ යැයි දැක්වෙන සිරස්තල ද සමඟින් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයකම බහුලව හුවමාරු වී තිබෙන අතර ‘The Telegraph’ ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් ද මෙම අසත්‍ය ප්‍රකාශය නැවත වාර්තා කර තිබේ.

කමෙම වීඩියෝව රූගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව තහවුරු වී තිබේ.

මෙම වීඩියෝව මුලින්ම අන්තර්ජාලයට එක් කර ඇති බවට වාර්තා වන්නේ ජුනි 11 වන දින ශ්‍රී ලාංකික ෆේස්බුක් පරිශීලකයෙකු විසින් බවට ද වාර්තා වෙයි.

එහි මුල් සිරස්තලය ද සිංහල භාෂාවෙන් යොදා ඇති අතර එම ගිණුම හරහා කුඩා දැරිය සහ ඉත්තෑවා සිටින තවත් වීඩියෝ කිහිපයක්ම බෙදාගෙන ඇති අතර, ඒ සියල්ලටම සිංහල භාෂාවෙන් සිරස්තල යොදා තිබෙන බවට දක්නට හැක.

අදාළ ගිණුමේ ස්ථානය ලෙස ච ශ්‍රී ලංකාවේ පොළොන්නරුව සඳහන් කර තිබීම මගින්, මෙම වීඩියෝ ලංකාවේ වීඩියෝවක් බවට තවදුරටත් තහවුරැ වෙයි.

බංග්ලාදේශය පදනම් කරගත් කරුණු විමර්ශන ආයතනයක් වන ‘Stream’ ද ‘Reverse Image Search’ තාක්ෂණය ඔස්සේ මෙම වීඩියෝවේ මූලාරම්භය ස්වාධීනව තහවුරු කර ඇති අතර, අන්තර්ජාලයේ වේගයෙන් පැතිර යන මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ රූගත කළ එකක් බවට නිගමනය කර තිබේ.

ලොවපුරා සිටින පරිශීලකයන් බොහෝ දෙනෙක් කුඩා දැරිය සහ ඇගේ කුඩා ඉත්තෑවාගේ අපූර්ව බැඳීම සැබෑ ලෝකයේ ‘ඩිස්නි’ (Disney) කතාවක අපූරැ දර්ශනයක් ලෙස විස්තර කර ඇති අතර මෙම වීඩියෝව ලොව පුරා මිලියන ගණනකගේ නැරඹුම් වාර ආකර්ෂණයක් හිමි කරගෙන තිබේ.

උපුටා ගැනීමකි මුල් රචකයාට ස්තුතිය

උපුටා ගැනීම : මාතර අභිමානය Proud of Matara

What do you think?

Written by Mic

රාමායණයේ ලොව භයානකම සහ අද්භූත “දණ්ඩකාරණ්‍ය” වනාන්තරය

ඉලි පිකා (Ili pika): නැවත හමුවූ ‘මැජික් හාවා’