American Bison!
මුලින්ම එක දෙයක් පැහැදිලි කරගන්න ඕනේ. ගොඩක් අය මුන්ව දකින්නේ අපේ රටේ ඉන්න මීහරක් වගේ සත්තු ජාතියක් විදිහට. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. මුන් මීහරක් (Buffaloes) නෙවෙයි, බයිසන්ලා (Bison). උතුරු ඇමරිකානු ගොඩබිමේ ඉන්න විශාලම සහ දරුණුම ක්ෂීරපායී සත්වයා තමයි මේ ඇමරිකානු බයිසන් කියන්නේ!
විද්‍යාත්මක පසුබිම සහ වර්ගීකරණය
විද්‍යාත්මක නාමය (Scientific Name): Bison bison
කුලය (Family): බොවිඩේ (Bovidae – ගවයන්, එළුවන් සහ බැටළුවන් අයත් වන කුලය)
ආක්‍රමණශීලීද? (Aggressiveness): බයිසන්ලා කියන්නේ සාමාන්‍යයෙන් සාමකාමී, තණකොළ කන (Herbivorous) සතුන් කොටසක්. හැබැයි මුන්ව කිසිසේත්ම හීලෑ කරන්න බැහැ! තමන්ගේ සීමාවට මිනිස්සු හෝ වෙනත් සත්තු එනවාට මුන් කැමතිම නැහැ. තර්ජනයක් දැනුනොත් හෝ කේන්ති ගියොත් ඕනෑම වෙලාවක ක්ෂණිකව ආක්‍රමණශීලී වෙලා පහර දෙනවා. ඇමරිකාවේ යෙලෝස්ටෝන් (Yellowstone) ජාතික උද්‍යානයේදී වලසුන්ට වඩා මිනිස්සුන්ට තුවාල කරලා තියෙන්නේ මේ බයිසන්ලායි!

1. ටොන් එකක ජීවමාන ටැංකියක්!
වැඩුනු පිරිමි බයිසන් කෙනෙක්ගේ බර කිලෝග්‍රෑම් 1,000 කට (ටොන් 1ක්) වඩා වැඩියි. උරහිස ගාවට විතරක් අඩි 6ක් උසයි. මුළු ඇඟම ඝන ලොම් තට්ටුවකින් සහ දරුණු අං දෙකකින් සන්නද්ධ වෙලා තියෙන්නේ.
2. මීහරකෙක් වගේ නෙවෙයි!
මූව දැක්කම හිතෙන්නේ හෙමින් හෙමින් ඇවිදින කම්මැලි සතෙක් කියලා නේද? බයිසන් කෙනෙක්ට පැයට කිලෝමීටර් 55ක (35 mph) වේගයෙන් එක දිගට දුවන්න පුළුවන්. ඒ කියන්නේ හුසේන් බෝල්ට්ටවත් මුන්ගෙන් බේරිලා දුවන්න බැහැ. ඒ විතරක් නෙවෙයි, අඩි 6ක් උස වැටකින් වුණත් එක පාරින් උඩින් පනින්න මුන්ට පුළුවන්!
3. හිම කුණාටු වලට බය නැති එකම එකා
සාමාන්‍යයෙන් ඕනෑම සතෙක් හිම කුණාටුවක් එනකොට ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට දුවලා බේරෙන්න බලනවා. හැබැයි බයිසන්ලා කරන්නේ හිම කුණාටුව දෙසටම මුහුණ ලා ගමන් කරන එක. මුන්ගේ ඔළුව සහ උරහිස ප්‍රදේශය වටා තියෙන ඝන ලොම් තට්ටුව නිසා අධික ශීතලට ඔරොත්තු දීමේ මාරම හැකියාවක් තියෙනවා.
4. වඳවීමේ තර්ජනය
1800 ගණන් වල මුල හරියේදී ඇමරිකාවේ බයිසන්ලා මිලියන 30ත් 60ත් අතර ප්‍රමාණයක් හිටියා. හැබැයි මිනිස්සුන්ගේ දඩයම් කිරීම් නිසා 1889 වෙනකොට මුළු ඇමරිකාවටම ඉතුරු වුණේ බයිසන්ලා 541 දෙනෙක් විතරයි! හැබැයි වාසනාවකට, දැඩි සංරක්ෂණ නීති නිසා අද වෙනකොට මුන්ගේ ගහණය ලක්ෂ 5ක් දක්වා වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
දන්නවාද? ඇමරිකානු බයිසන් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ “ජාතික ක්ෂීරපායී සත්වයා” (National Mammal).
ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන් යන්න.
උපුටා ගැනීම : Unknown Diary


