Army Ants! ![]()
![]()
ඇමේසන් වනාන්තරය කියන්නෙ ඉතාමත්ම භයානක ගවේෂණය කරන්න අපහසුම වනාන්තරයක්.
ජගුවර්ලා, කොටි, මාරක විෂ තියෙන සර්පයෝ, ගෝනුස්සෝ, මකුළුවෝ විතරක් නෙවෙයි, යෝධ කිඹුල්ලු වගේ භයානක සතුන්ගෙන් පිරිච්ච තැනක, මේ දරුණු විලෝපිකයොත් ලන් වෙන්න අකමැති පුංචිම පුංචි රාක්ෂයෝ ටිකක් ඉන්නවා. උන් තමයි “ආමි ඇන්ට්ස්” (Army Ants) එහෙමත් නැත්නම් “යුධ කූඹි”!
මුන්ව ලෝකය හඳුන්වන්නේ “Marabunta” (මරබුන්ටා) කියන නමින්.
කවුද මේ Army Ants?
කුලය (Family): මුන් අයිති වෙන්නේ Formicidae කියන කූඹි කුලයටයි. හැබැයි මුන්ගේ තියෙන සුවිශේෂී දඩයම් හැසිරීම් නිසා මුන්ව Dorylinae වගේ උප-කුලයන්ටත් (Subfamilies) බෙදලා දක්වනවා.
ලෝකයේ කොහේද මුන් ඉන්නේ?: බොහෝ දෙනෙක් හිතන්නේ මුන් ඇමේසන් වනාන්තරයේ විතරක් ඉන්න සත්තු වර්ගයක් කියලා. හැබැයි ඇත්තටම මුන් ලෝකයේ නිවර්තන සහ උප-නිවර්තන කලාප (Tropical & Subtropical regions) පුරාම ව්‍යාප්ත වෙලා ඉන්නවා.
වැඩිපුරම ඉන්න රටවල් සහ වනාන්තර
1. ඇමරිකා මහද්වීපය: බ්‍රසීලය, පේරු, කොලොම්බියාව වැනි රටවල පැතිරුණු ඇමේසන් වැසි වනාන්තරය සහ මධ්‍යම ඇමරිකාවේ ඝන කැලෑවල මුන් බහුලවම ඉන්නවා (මොවුන්ව Ecitoninae ලෙස හඳුන්වනවා).
2. අප්‍රිකානු මහද්වීපය: අප්‍රිකාවේ මධ්‍යම සහ බටහිර ඝන වනාන්තරවල (කොංගෝ වැසි වනාන්තර වැනි) මුන් මිලියන ගණනින් ඉන්නවා. අප්‍රිකාවේ ඉන්න උන්ව හඳුන්වන්නේ “Driver Ants” (Siafu) කියලා. උන් ඇමේසන් කූඹින්ටත් වඩා දරුණුයි කියලා තමයි කියන්නේ!
3. ආසියානු මහද්වීපය: මීට අමතරව ආසියාවේ සමහර නිවර්තන කලාපීය ඝන වනාන්තරවලත් මුන්ගේ විශේෂ දැකගන්න ලැබෙනවා.
තනි තනිව නෙවෙයි, මිලියන ගණනක “කාපට් එකක්”!
මේ කූඹින්ගේ තියෙන බයලගුන්නාසුලුම දේ තමයි මුන් කවදාවත් තනි තනිව දඩයම් කරන්නේ නැති එක. මුන් එකතු වුණාම ලක්ෂ 2ක ඉඳන් මිලියන 20ක් (ලක්ෂ 200ක්!) දක්වා වෙනකම් මහා සේනාවක් හැදෙනවා.
මුන් වනාන්තරයේ පොළොව දිගේ ඉදිරියට ඇදෙද්දී හරියට මුළු කැලයම වැහෙන්න “කළු පාට ජීවමාන කාපට් එකක්” එලලා වගේ! මුන් එනකොට වනාන්තරයේ කොළ රොඩු අස්සෙන් ඇහෙන “සට සට” ශබ්දය හින්දා මුළු පරිසරයම එකපාරටම මළානික වෙලා යනවා.
මඟ හරින්න බැරි වුණොත් විනාඩි කිහිපයකින් ඇටසැකිල්ලක්!
මේ මරණයේ සේනාව යන පාරේ ඉන්න කිසිම සතෙකුට බේරීමක් නැහැ. මුන් ඉස්සරහට යන්නේ තමන්ට හමුවෙන ඕනෑම ජීවියෙක්ව කාදමමින්.
කුඩා සත්තු: මකුළුවෝ, පත්තෑයෝ, ගෝනුස්සෝ මුන්ගේ ඇඟ උඩින් යද්දී විනාඩියෙන් අතුරුදන් වෙනවා.
ලොකු සත්තු: තටු තුවාල වෙච්ච කුරුල්ලෝ, නිදාගෙන ඉන්න සර්පයෝ වගේම ලෙඩ වෙලා හෙලවෙන්න බැරුව ඉන්න ඌරන්, දිවියන් වැනි ලොකු සත්තුන්ව වුණත් මුන් මිලියන ගණනින් වට කරලා, ඇඟ පුරාම දෂ්ට කරලා, විනාඩි කිහිපයකින් මස් වැදලි පිටින් කා දමලා ශුද්ධම ශුද්ධ ඇටසැකිල්ලක් විතරක් ඉතිරි කරනවා!
ශරීරවලින් මැහුම් දාන ආදිවාසීන්!
මුන්ගේ හකු (Jaws) කොච්චර ශක්තිමත්ද කියනවා නම්, ඇමේසන් කැලේ ඉන්න ආදිවාසීන් අදටත් තමන්ගේ තුවාලවලට මැහුම් දාගන්න (Stitches) පාවිච්චි කරන්නේ මේ කූඹින්වයි!
තුවාලේ දෙපැත්ත ලං කරලා මේ කූඹියෙක්ව ඒකට තියලා හපාකන්න ඇරියාම, මුන් මැරෙන්න වුණත් හකු දෙක තද කරලා අල්ලගන්නවා. ඊටපස්සේ කූඹියාගේ ඇඟ කඩලා අයින් කරාම, උගේ හකු දෙක විතරක් තුවාලේ වැහිලා තියෙන්න ඉතුරු වෙනවා. ස්වභාවික මැහුම් කලාවක්!
ස්ථිර ගෙයක් නැති, තමන්ගේ ඇඟෙන්ම ගෙවල් හදන සන්නද්ධයෝ!
මුන්ට අනිත් කූඹින්ට වගේ ස්ථිර හුඹස් හෝ ගුල් නැහැ. මුන් හැමදාම ගමන් කරන සංචාරකයෝ. රෑට නතර වෙද්දී මුන් කරන්නේ පුදුමාකාර වැඩක්. එකෙක්ගේ ඇඟේ එකෙක් බදාගෙන, එල්ලිලා, තමන්ගේම සිරුරුවලින් “ජීවමාන කූඩුවක්” (Bivouac) හදාගන්නවා! ඒ කූඩුව ඇතුළේ තමයි මුන්ගේ රැජින සහ බිත්තර ආරක්ෂා කරන්නේ.
Unknown Diary


