01.ඉන්නන් වලට

මී පැණි හා හුණු කලවම් කර එක දිගට දින දහයක් පමණ ආලේප කරන්න.
වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.

පතොක් කිරි ස්වල්පයක් ගෙන දින කිහිපයක් යන තෙක් ඉන්නන් මත ආලේප කරන්න.දින කිහිපයකින් ඉන්නන් වියළී හැලේ.
02.උකුණන් වඳ කිරීමට

කොහු කිරිල්ල කොළ හා පොතු ගෙන කොටා යුෂ ගෙන හිසෙහි තවරා ටික වේලාවක් තබා ස්නානය කරන්න.
03.පීනසට

අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැඳපු කොත්තමල්ලි හා කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8 පත 1 ට සිඳ සිනී දමා උදේ සවස පත ½ බැගින් පානය කරන්න.
04.අළුහම්වලට

පේර කොළ කොටා ජලය මුසු කොට මිරිකා ගත් යුෂ දිනපතා ආලේප කරන්න.
05.අතීසාරය

අළු කෙසෙල් මුව උණු අලු පල්ලේ තම්බා යුෂ මී පැණි සමඟ පානය කරන්න.
06.බඩේ අජීර්ණයට

බෙලි ගැට මඳ,.තිප්පිලි මුල් හා කොත්තමල්ල කලං එක බැගින් ගෙන කබලේ බැද කුඩුකර තම්බා පානය කරන්න.
07.ගින්නෙන් පිලිස්සුණු විට

කෙසෙල් ගෙඩි,අර්තාපල් සමඟ අඹරා ආලේප කරන්න.
08.මුහුණේ කුරූලෑ වලට

සතකුප්ප කබලේ බැද ආලේප කරන්න.
