රාමසාන් යනු ඉස්ලාමීය අනුගාමිකයන් වන මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයකි. මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරානය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස එය සමරනු ලබයි.
රාමසාන් මාසය පුරා ඉස්ලාම් බැතිමතුන් විසින් උපවාසය පිළිපදිති.මෙම රාමසාන් සමය පරිත්‍යාග කිරීමේ මාසය ලෙස හඳුන්වනු ලැබේ. රාමසාන් උපවාස සමය මාර්තු මාසය මුල සිට අවසානය දක්වා ක්‍රියාත්මක වේ. දින 30 ක් හෝ 29 ක් මෙම උපවාස කාලය පවතින අතර, ශ්‍රී ලංකාව ඇතුළු ලොව බහුතරයක් මුස්ලිම් ප්‍රජාව නව සඳ දැකීමෙන් පසු උපවාසය අවසන් කරයි.
2025 මාර්තු මස 02 වනදින සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර ඇත.සියලුම සහෝදර සහෝදරියන්ට සුභ රාමසාන් උපවාසයක් ප්‍රාර්ථනා කරන අතර සියලු දෙනාටම සාමය සහ ශාන්තිය ඇති වේවා!

