රෝම පාලන සමයේ ඊජිප්තුවට අයත් මේ ඇඳුම කොටස් දෙකකින් සමන්විතයි. ඒ **හිස්වැසුමක්** සහ **උඩුකය ආවරණය කරන සන්නාහයක්**. දෙකම හදලා තියෙන්නේ කිඹුල් සමෙන්. සමේ වයස මැනීමට කළ රේඩියෝකාබන් පරීක්ෂාවෙන් එය **ක්‍රි.ව. 3 වැනි සියවසට** අයත් බව හඳුනාගෙන තිබෙනවා.
මේක ඇන්දේ මොකටද?
පුරාණ ඊජිප්තුවේ සොබෙක් (Sobek නම් කිඹුල් දෙවියෙකු වන්දනා කළා. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ විස්තරය අනුව, මේ ඇඳුමත් කිඹුල් වන්දනාවට සම්බන්ධ, හමුදා පෙළපාළියක් වැනි උත්සවයකදී භාවිත කර තිබෙන්න පුළුවන්. එය පැළඳුවේ පූජකයන්ද, සොල්දාදුවන්ද කියලා නිශ්චිතව තහවුරු වී නැහැ.
කෞතුකාගාරයට ආවේ කොහොමද?
නයිල් ගඟ අසල **මැන්ෆලූට්** ප්‍රදේශයේ, මිනිසුන්ගේ සහ සතුන්ගේ මමී තිබූ ගුහා අතරින් මේ සන්නාහය හමු වී තිබෙනවා. 1846දී එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ලැබුණා. ඒ වන විට උඩුකය ආවරණය කරන කොටස සමතලා වෙලා, පහසුවෙන් කැඩෙන තත්ත්වයක තිබූ නිසා කෞතුකාගාරයේ සංරක්ෂකයන් එය පරිස්සමින් යළි හැඩගස්වා තිබෙනවා.
Knowledge “දැනුම”

