in

ගොඩබෑමකින් තොරව දින 23ක් ගුවනේ!

1930 ජූනි 11 වැනිදා ඇමෙරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයෙන් ගුවන්ගත වූ City of Chicago යානය යළි බිමට බැස්සේ ජූලි 4 වැනිදායි. ජෝන් සහ කෙනත් හන්ටර් සහෝදරයන් එය පැය 553යි, මිනිත්තු 41යි, තත්පර 30ක් එක දිගට ගුවනේ තියාගෙන, ඒ කාලයේ දීර්ඝතම ගුවන් ගමනේ ලෝක වාර්තාව පිහිටුවූවා.

⛽ දින 23කට ඉන්ධනයි කෑමයි ලැබුණේ කොහොමද? ඔවුන්ගේ අනෙක් සහෝදරයන් දෙදෙනා වන ඇල්බට් සහ වෝල්ටර්, Big Ben කියන සැපයුම් යානයෙන් මැද ගුවනේදීම ඉන්ධන සහ අවශ්‍ය සැපයුම් ලබා දුන්නා.

📷 මේ ඡායාරූපයේ ඉන්නේ කවුද? ජෝන් යානය පදවන අතරේ, කෙනත් එන්ජිම අසල යානයේ පිටතින් සවි කර තිබූ පටු වේදිකාව මත ඉන්නවා. පෝස්ට් එකට යොදාගෙන තියෙන්නේ පසුව වර්ණ ගැන්වූ 1930 මුල් කළු-සුදු ඡායාරූපයයි.

📖 Knowledge “දැනුම”

What do you think?

Written by Mic

ලංකාවේ නම NASA එකේ සටහන් කරපු ලාංකික සුපිරි මිටීරී..

මිනිස් සිරුරේ කොටස් 8ක් — ඒවායින් මොනවද කරන්නේ?