in

ගැබ්ගැනීමක් “Pause” කරලා තියාගන්න පුළුවන් කැන්ගරුවාගේ අපූරු හැකියාව

වීඩියෝ එකක් “Pause” කරනවා වගේ, ගැබ්ගැනීමක් (pregnancy) අතරමග නතර කරලා තියාගන්න පුළුවන් සතෙක් ගැන ඔබ අහලා තියෙනවාද? සත්ව ලෝකයේ ඉන්න කැන්ගරු (Kangaroo) මව්වරුන්ට මේ පුදුමාකාර හැකියාව තියෙනවා. විද්‍යාවේදී මේ ක්‍රියාවලිය “Embryonic diapause” කියලා හඳුන්වනවා.

මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි: පරිසරයේ කෑම බීම හිඟ වෙලා දරුණු නියඟයක් ආවොත් හරි, එහෙමත් නැත්නම් අම්මාගේ මල්ලේ කිරි බොන තවත් පැටියෙක් ඉන්නවා නම් හරි, කැන්ගරු අම්මාට පුළුවන් තමන්ගේ කුස තුළ අලුතින් හැදෙන්න පටන් ගන්න පැටියාගේ වර්ධනය තාවකාලිකව නතර කරලා (pause කරලා) තියන්න. කිරි දෙනකොට සහ ආතතිය (stress) නිසා සිරුරේ ඇතිවෙන හෝමෝන මගින් මේ අලුත් කලලයට පෝෂණය ලැබෙන එක නවත්වනවා. ඊටපස්සේ මාස ගාණක් හෝ අවුරුද්දකට කිට්ටු කාලයක් යනකන් මේ පැටියා කිසිම වර්ධනයක් නැතිව කුස ඇතුළේ ආරක්ෂිතව නිදාගෙන ඉන්නවා. පරිසරයේ කෑම බීම වැඩි වුණාම හරි, මල්ලේ ඉන්න පැටියා එළියට ගියාම හරි, කුසේ ඉන්න පැටියා ආයෙත් සාමාන්‍ය විදිහට වර්ධනය වෙන්න පටන් ගන්නවා.

මේ හැකියාව නිසා කැන්ගරු අම්මාට එකවර අවස්ථා තුනක ඉන්න පැටව් තුන්දෙනෙක්ව නඩත්තු කරන්න පුළුවන්. ඒ කියන්නේ, මල්ලේ ඉඳන් කිරි බොන එක පැටියෙකුත්, වර්ධනය pause කරලා කුස තුළ තියාගෙන ඉන්න තවත් පැටියෙකුත්, අලුතින්ම හැදෙන්න පටන් ගන්න තවත් පැටියෙකුත් විදිහට එකවර පරම්පරා තුනක් කළමනාකරණය කරන්න මේ අපූරු සතාට පුළුවන්!

උපුටා ගැනීම: Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

ලෝකයේ පළමු පරමාණු බෝම්බය හදන්න රහසිගතව ඉදිවුණු “හැංගුණු නගර”

ඇමසන් වනාන්තරයටත් වඩා භයානක සත්තු ඉන්න “ලෝකයේ අන්තිම අබිරහස”