in

ගුවන් තොටුපළට ගොඩබෑමට යද්දී ආලෝක කණුවක ගැටුණු මගී ගුවන් යානය!

2026 මැයි 1 වැනිදා, ඉතාලියේ වැනිස් (Venice) නුවර සිට ඇමරිකාවේ නිව්වාර්ක් (Newark) ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් තිබූ “යුනයිටඩ් එයාර්ලයින්ස්” (United Airlines) ගුවන් සේවයට අයත් බෝයිං 767 (Boeing 767) මගී ගුවන් යානයක් අනපේක්ෂිත අනතුරකට මුහුණ දුන්නා. යානය ගුවන් පථයට ගොඩබෑමට ආසන්න වෙද්දී ගුවන් තොටුපළේ තිබුණු ආලෝක කණුවක (light pole) ගැටී තිබෙනවා!

වාසනාවකට වගේ නියමුවන් විසින් යානය ඉතා ආරක්ෂිතව ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති අතර, එහි සිටි මගීන් 221 දෙනාට සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනාට කිසිදු අනතුරක් සිදුවී නැහැ. කෙසේ වෙතත් ගැටීම හේතුවෙන් යානයට සුළු හානි සිදුවී තිබෙනවා.

මේ අනතුර සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් (rigorous flight safety investigation) පවත්වන බව යුනයිටඩ් ගුවන් සේවය නිවේදනය කරලා තියෙනවා. යානය ගමන් කළ දිශාව, ඒ අවස්ථාවේ තිබුණු කාලගුණික තත්ත්වය, යානයේ තාක්ෂණික දෝෂයක් තිබුණාද සහ නියමුවන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව මෙහිදී විශේෂයෙන්ම සොයා බලනවා. පරීක්ෂණ කටයුතු අවසන් වෙනතුරු මේ ගුවන් ගමනට සම්බන්ධ වුණු කාර්ය මණ්ඩලයේ සේවය තාවකාලිකව අත්හිටුවා තියෙනවා. ගුවන් සේවා නීතිවලට අනුව මේක සාමාන්‍ය ක්‍රියාපටිපාටියක්. එයින් අදහස් වෙන්නේ ඔවුන් අතින් වරදක් වෙලා තියෙනවා කියන එකම නෙවෙයි, පරීක්ෂකයන්ට බාධාවකින් තොරව දත්ත පරීක්ෂා කරන්න සහ ප්‍රශ්න කිරීම් කරන්න මේ හරහා පහසුකම් සැලසෙනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

අත්ලාන්තික් සාගරය හරහා ගිය මගී නෞකාවක මාරාන්තික “හන්ටාවෛරස්” (Hantavirus) ව්‍යාප්තියක්

ලංකාවම හෙල්ලූ මඩකලපුවේ මිනීමරු කොටියා