in

“බ්ලැන්කට් බූවල්ලා”

අපි සුපිරි වීරයෝ ගැන හිතද්දී මතක් වෙන්නේ පිටිපස්සෙන් තියෙන දිග කබාය සහ ආයුධ නේද? මුහුදෙත් ඒ වගේම වීරයෙක් ඉන්නවා.

ඒ තමයි ගැහැණු “Blanket Octopus”.

මේ බූවල්ලාට ඇඟ වටේට තියෙනවා හරියට වර්ණවත් රෙද්දක් වගේ දිග සමක්. සතුරෙක් ආවම අඩි 6ක් විතර දිග මේ සම දිගහැරලා, සතුරාව බය කරන්න ඇයට පුළුවන්.

පුදුම හිතෙන ප්‍රමාණයේ වෙනස:

ගැහැණු සතා අඩි 6ක් විතර දිග වුණාට, පිරිමි සතාගේ දිග අඟලක්වත් නෑ! (හරියට වෝල්නට් ගෙඩියක් තරම්). මේක සත්තු ලෝකයේ ගැහැණු-පිරිමි සතුන් අතර තියෙන ලොකුම ප්‍රමාණයේ වෙනසයි.

ඇයගේ භයානකම ආයුධය:

මේ බූවල්ලාට ලෝකයේ දරුණුම විෂ තියෙන ජෙලිෆිශ් වර්ගයක් වෙන “Portuguese Man o’ War” ගේ විෂ බලපාන්නේ නෑ. ඒ නිසා ඇය කරන්නේ අර ජෙලිෆිශ්ගේ විෂ තියෙන අඬු කඩාගෙන, ඒවා තමන්ගේ ආයුධයක් විදිහට පාවිච්චි කරන එකයි!

උපුටා ගැනීම: Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

ලෝක විනාශයකින් පස්සේ මිනිස්සුන්ගේ කෑම බේරගන්න හදපු ආක්ටික් “ඩූම්ස්ඩේ වෝල්ට්” එක

රුසියානු විශේෂ බලකායේ “සැඟවුණු මෘගයා”