in

විද්‍යාඥයන්ව පවා රවට්ටපු සත්ව ලෝකයේ අරුම පුදුම සත්වයා

ක්ෂීරපායී (mammal) සතෙක් කිව්වම අපිට මතක් වෙන්නේ පැටව් බිහිකරලා කිරි දෙන, ඇඟේ මවිල් තියෙන සත්තු. හැබැයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන “ප්ලැටිපස්” (Platypus) කියන්නේ මේ හැම නීතියක්ම කඩකරපු පුදුමාකාර සතෙක්. 1700 ගණන්වලදී යුරෝපයේ විද්‍යාඥයන් මේ සතාගේ සිරුරක් මුලින්ම දැක්කම හිතුවේ, කවුරුහරි විහිළුවකට සත්තු කිහිප දෙනෙක්ගේ කෑලි එකට මහලා (තාරාවෙක්ගේ හොටක් වෙනත් සතෙක්ට සවි කරලා) හදපු බොරු සතෙක් කියලයි!

මේ සතා අයිති වෙන්නේ “මොනොට්‍රීම්” (Monotremes) කියන දුර්ලභ කාණ්ඩයටයි. ප්ලැටිපස් ක්ෂීරපායී සතෙක් වුණත්, උරගයෙක් වගේ බිත්තර දානවා. බිත්තර දැම්මත් මේ අම්මා තමන්ගේ පැටවුන්ට කිරි දෙනවා. හැබැයි අනිත් සත්තුන්ට වගේ කිරි බීන්න තනයක් නැති නිසා, අම්මා කරන්නේ තමන්ගේ බඩේ තියෙන සමෙන් දාඩිය දානවා වගේ කිරි පිටකරන එකයි. පැටව් කරන්නේ ඒ කිරි ලෙවකන එකයි. ඒ විතරක් නෙවෙයි, මේ පිරිමි සතුන්ගේ පිටිපස්සේ කකුල්වල විෂ සහිත කටුවක් පවා තියෙනවා!

උරගයෙක්ගේ, කුරුල්ලෙක්ගේ සහ ක්ෂීරපායී සතෙක්ගේ ලක්ෂණ ඔක්කොම එකට තියෙන මේ සතා ඇත්තටම බිත්තර දානවද නැද්ද කියලා අවුරුදු 85ක් තිස්සේ විද්‍යාඥයන් අතර ලොකු වාදයක් තිබුණා. අන්තිමේදී 1884 අවුරුද්දේදී ප්ලැටිපස් කූඩුවක තිබිලා බිත්තර දෙකක් හොයාගත්තට පස්සේ තමයි මේ සතා ඇත්තටම බිත්තර දානවා කියලා මුළු ලෝකයම පිළිගත්තේ.

උපුටා ගැනීම: Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

කබිනි වනාන්තරයේ “කළු කුමාරයා”

උතුරු කොරියාවේ හමුදා සෙබළුන්ට පනවා ඇති මාරාන්තික නීතිය: “සතුරන්ට අහුවෙන්න කලින් සියදිවි නසාගන්න!”