මේ කුරුල්ලා දැක්කම හිතෙන්නේ ෆැෂන් ෂෝ එකකට යන කෙනෙක් වගේ නේද? ලස්සන දිග ඇහිපිය, කළු පාට කලිසමක් ඇන්දා වගේ පේන දිග කකුල්…
හැබැයි මේ ලස්සනට රැවටෙන්න එපා. “Secretary Bird” කියන්නේ සත්තු ලෝකේ ඉන්න දරුණුම දඩයක්කාරයෙක්.
අනිත් උකුස්සෝ වගේ අහසේ ඉඳන් නෙවෙයි, මූ පොළොවේ ඇවිදගෙන ගිහින් තමයි දඩයම් කරන්නේ. මුගේ ප්‍රධානම කෑම තමයි දරුණු විෂ තියෙන නාගයෝ සහ පොළඟුන්.
කොහොමද දඩයම් කරන්නේ?
මූ තමන්ගේ දිග කකුල් පාවිච්චි කරලා නයාගේ ඔළුවටම දරුණු පහරක් එල්ල කරනවා.
මේ පාර වදින්නේ උගේ ඇඟේ බර වගේ 5 ගුණයක් වේගෙන්.
ඒ වගේම මේක වෙන්න ගතවෙන්නේ මිලි-තත්පර 15යි! (අපි ඇහැ පියගහන්නත් මිලි-තත්පර 150ක් යනවා).
නයාට ආපහු දෂ්ට කරන්න තියා, මොකක්ද වුණේ කියලා හිතාගන්නවත් වෙලාවක් ලැබෙන්නේ නෑ.
උපුටා ගැනීම: Beyond Imagination – නොසිතූ ලොවක්


