මේ ෆොටෝ එක දැක්කම හිතට ලොකු දුකක් දැනෙනවා නේද? ඇත්තටම මේ ඉන්නේ ලෝකයේ අවසන් වරට ජීවතුන් අතර ඉන්න “උතුරු සුදු රයිනෝසිරස්” සත්තු දෙන්නා.
ඔව්… මුළු ලෝකෙටම ඉන්නෙ මේ දෙන්නා විතරයි!
මොකක්ද මේ කතාව?
මේ ඉන්නේ නජින් (Najin) සහ ෆාටු (Fatu) කියන අම්මයි දුවයි. මුළු පෘථිවියෙන්ම මේ වර්ගයේ පිරිමි සත්තු දැන් කවුරුත් නැහැ. 2018 අවුරුද්දේ “සුඩාන්” කියන අවසන් පිරිමි රයිනෝසිරස් මිය ගියාට පස්සේ මේ විශේෂය වඳ වෙලා යන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වුණා.
ඇයි මේ තුවක්කු අරන් මුර කරන්නේ?



මේ අම්මවයි දුවවයි බලාගන්න කෙන්යාවේ විශේෂ ආරක්ෂක කණ්ඩායමක් පැය 24 පුරාම සන්නද්ධව මුර කරනවා. ඒකට හේතුව තමයි දඩයම්කරුවන්. මේ අවසන් සත්තු දෙන්නාව හරි මරාගෙන උන්ගේ අං විකුණන්න බලන් ඉන්න තිරිසන් මිනිස්සු අදටත් ඉන්නවා. ඒ නිසයි මුන්ව මේ විදිහට පණ වගේ රකින්නේ.
අපිට ඉතිරි වෙලා තියෙන බලාපොරොත්තුව
දැන් විද්‍යාඥයෝ උත්සාහ කරන්නේ නවීන තාක්ෂණය (IVF) පාවිච්චි කරලා කොහොමහරි මේ වර්ගයේ පැටියෙක්ව බිහි කරගන්න. ඒක සාර්ථක වුණොත් විතරක් මේ සත්තු ටික බේරගන්න අපිට පුළුවන් වෙයි.
මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී දඩයම් නිසා තව සත්තු කී දෙනෙක්ට මේ වගේ හුදෙකලා වෙන්න වෙයිද? සත්තුන්ටත් මේ පොළොවේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා නේද? ![]()
![]()
මේ ගැන ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙන යන්න. තව කෙනෙක්ට බලන්න මේක ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා! ![]()
උපුටා ගැනීම: Unknown Diary

