in

ක්ලාන්ත වීමට හේතුව කුමක්ද?

ක්ලාන්ත වීම නොසලකා හැරිය යුතු දෙයක් නෙවෙයි. ඇතැම්විට එය බරපතල රෝග ලක්ෂණයක් විය හැකියි.  යම් හේතුවක් නිසා ඔබේ මොළයට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණය නොලැබී යාම නිසා කෙටි වේලාවකට සිහිය නැති වෙනවා. ක්ලාන්තය එහි ප්‍රතිඵලයයි.

යමෙකු ක්ලාන්ත වූ විට, රුධිර පීඩනය පහත වැටේ. එහි ප්‍රතිඵලයක් ලෙස මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය පහල වැටීම, සිහිය නැති වීම සිදු වේ. ඉඳහිට ක්ලාන්ත වීම  ගැන එතරම් කලබල විය යුතු නැහැ. ඉඳහිට ක්ලාන්ත වීමට බලපාන හේතු විය හැක්කේ අවමංගල්‍යයකට සහභාගී වීම හෝ රුධිරය දැකීම වැනි කම්පනසහගත සිදුවීම්ය. නමුත් යමෙක් නිතර නිතර ක්ලාන්ත වන්නේ නම් එයට හේතුව සොයා ගැනීමට වෙහෙස විය යුතුය. ක්ලාන්ත වීමට බලපාන ඇතැම් බරපතල හේතු වන්නේ ස්නායු රෝග, මානසික රෝග හෝ හෘද රෝග විය හැකිය. 

සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ තරුණයින්ට සාපේක්ෂව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බොහෝ විට ක්ලාන්ත වන්නේ හදවත ආශ්‍රිත රෝග වල බලපෑම් නිසා බවය. මේ සඳහා හඳුනා නොගත්  හෘද රෝග හෝ රුධිර පීඩනය අඩු කරන ඖෂධ වැඩි මාත්‍රාවක් ගැනීම වැනි හේතුන් දායක වේ. 

මීට අමතරව රුධිර පීඩනයේ හදිසි පහත වැටීම, දියවැඩියාවේ ප්‍රතිඵලයක් ලෙස රුධිර සීනි මට්ටම අඩු වීම,  කාංසාව හෝ භීතිය නිසා නිසා අධික වේගයෙන් හුස්ම ගැනීමට පෙළඹීම,  වැඩි වේලාවක් එක ඉරියව්වක සිටගෙන සිටීමට සිදු වීම,  විජලනය, හදිසි අවස්තාවක් වෙනුවෙන් ඉතා ඉක්මනින් නැගී සිටීම, උණුසුම් පරිසරය,  ශාරීරික වෙහෙස, අධික ලෙස කැස්ස ඇති වීම, මලබද්ධය වැනි හේතුවක් නිසා මලපහ කිරීමේ කටයුත්ත අධික වෙහෙසකර එකක් වීම, අසාත්මිකතා, මානසික අවපීඩනය, කාංසාව, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස ක්ලාන්තය ඇති විය හැකිය.

ඔබට ක්ලාන්ත වීමේ ඉතිහාසයක් නොමැති නම් සහ පසුගිය මාසය තුළ ඔබ එක් වරකට වඩා ක්ලාන්ත වූයේ නම් වෛද්‍යවරයෙකු හමු වීම සුදුසුය. ඔබ දියවැඩියාව, හදවත් රෝග, ධමනි සිහින් වීම, අක්‍රමවත් හෘද ස්පන්දනය, කාංසාව, නිදන්ගත පෙනහළු රෝග ඇති අය ක්ෂණික ක්ලාන්ත වීමේ ගැටළු වලට මුහුණ දීමේ අවදානම පැන නඟිනවා. 

ක්ලාන්ත වීම සාමාන්‍යයෙන් තත්පර කිහිපයක සිට මිනිත්තු කිහිපයක් දක්වා පවතී. ක්ලාන්ත වීමට පෙර හිස කරකැවිල්ලක් ඇති වීම, අවට ශබ්ද නොඇසී යාම, දුර්වල බවක් දැනීම, ඔක්කාරය ඇතිවීම සිදු විය හැකිය.

උපුටා ගැනීම : wellnessexpert

What do you think?

Written by Mic

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට

වරදවා වටහා ගැනෙන රෝග 7ක්