in

මිනිසෙකු ගිලදැමූ යෝධ කිඹුලෙකු ගොඩගන්න හෙලිකොප්ටරයකින් ගඟට බැස්ස පොලිස් නිලධාරියා!

ගංවතුරකට අසුවෙලා ගසාගෙන ගියපු 59 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ව්‍යාපාරිකයෙක්ව හොයන්න දියත් කරපු මෙහෙයුම අන්තිමේදී හරියට හොලිවුඩ් චිත්‍රපටයක දර්ශනයක් බවට පත්වුණා. මේ ව්‍යාපාරිකයාව දකුණු අප්‍රිකාවේ “කොමාටි” (Komati) ගඟේ හිටපු අඩි 15ක් දිග, කිලෝග්‍රෑම් 500ක් විතර බරැති යෝධ කිඹුලෙක් ගිලදාලා තියෙනවා කියලා බලධාරීන්ට සැකයක් මතු වුණා.

ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් යානාවලින් කොතරම් ශබ්ද කළත් මේ යෝධ කිඹුලා කිසිම හැලහොල්මනක් නැතිව හිටපු නිසා, ඌ ලොකු ගොදුරක් කාලා ඉන්න බව තේරුම් ගත්තු නිලධාරීන් මුලින්ම ඌව මරා දැමුවා. හැබැයි තවත් දරුණු කිඹුලන් පිරිලා ඉන්න ගඟක් මැද්දේ තියෙන දූපතක ඉඳන් කිලෝ 500ක සතෙක්ව ගොඩගන්න එක ලේසි වැඩක් නෙවෙයි. මේ භයානක රාජකාරිය භාරගත්තේ පොලිස් නිලධාරී ජොහාන් “පොටි” පොට්ගිටර් (Johan “Pottie” Potgieter). ඔහු හෙලිකොප්ටරයකින් කඹයක් ආධාරයෙන් කෙලින්ම ගඟට බැහැලා, වේගයෙන් මේ යෝධ කිඹුලාව කඹයකින් ගැටගැසුවා. ඊටපස්සේ ඔහුත් එක්කම මේ කිඹුලාව හෙලිකොප්ටරයෙන් ගොඩට ඇදලා ගත්තා!

මේ කිඹුලාව සුප්‍රසිද්ධ “කෲගර්” (Kruger) ජාතික වනෝද්‍යානයට ගෙන ගිහින් පරීක්ෂා කරද්දී උගේ කුස ඇතුළේ තිබිලා මිනිස් සිරුරු කොටස් හමුවෙලා තියෙනවා. මේ අතුරුදන් වුණු ව්‍යාපාරිකයාගේ සිරුරද කියලා තහවුරු කරගන්න මේ වෙද්දි DNA පරීක්ෂණ සිදුකරනවා. තමන්ගේ අවුරුදු 38ක සේවා කාලය ඇතුළත මුහුණ දීපු අසාමාන්‍ය සහ භයානකම මෙහෙයුම මේක බව මේ දක්ෂ නිලධාරියා පවසනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

ලෝකයේ සාර්ථකම දුරස්ථ ආදර කතාව: ඇල්බට්‍රොස් කුරුල්ලන්ගේ අපූරු විවාහය!

ලොව භයානකම පක්ෂියා