in

ශ්වේත වර්ණ..

සිංහයින්ගෙ පාට මොකක්ද කියලා මම ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ..කොහොම උනත් සිංහයො අතරත් සිදුවෙන ගොඩක් දුර්ලභ දෙයක් තමයි සුදු සිංහයො බිහිවෙන එක..ඒ විදිහට ඔයා මේ ෆොටෝ වලින් දකින්නෙත් මේ ලෝකෙ ජීවත් වෙන ලස්සනම සිංහයෙක්ව..එයාගෙ නම තමයි Moya ” මෝයා “..බලපු ගමන් මෙයාගෙ කඩවසම්කම ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ..

කොහොම උනත් යම්කිසි සතෙක් සුදු පාට වෙලා ඉපදෙන්නෙ Albinism ( ඇල්බිනෝ ) හෙවත් ඇලි තත්වයට ලක්වුනහම..එහෙම වෙන්නෙ ඒ අයගෙ ශරීර වර්ණය ඇතිකරන මෙලනින් වර්ණකය නිලීන වෙලා උපදින නිසා..ඉතින් ඒ විදිහට ඉපදෙන ඇල්බිනෝ සතුන්ගෙ ඇස් රතු පාට වෙනවා වගේම පෙනීමත් තරමක් දුරට දුර්වල වෙනවා..හැබැයි මේ මෝයා සුදු පාට වෙලා තියෙන්නෙනම් ඇල්බිනෝ කෙනෙක් විදිහට නෙවෙයි..ඒ කියන්නෙ මෙයා කොහෙත්ම ඇලි සත්වයෙක් නෙවෙයි..ඇල්බිනෝ සත්තුන්ගෙ ඇස් රතු පාට වුනත් මේ මෝයාගෙ ඇස් නම් රතු පාට නෑ..ඒකට හේතුව තමයි මේ මෝයා Albinsm වලට අයිති නොවී Leucism වලට අයිති සිංහයෙක් වුන එක..තවදුරටත් පැහැදිලි කරොත් Albinism වලදි සෘජුවම මෙලණින් වලට බලපෑම් කරලා සත්තු සුදු වෙනවා වගේම ඇස් රතු පාටට හැරිලා පෙනීම දුර්වල වුනත් මේ Leucism වලදි පෙනීමටවත් ඇස් වල පාටටවත් කිසිම වෙනසක් නොවී ශරීර වර්ණය විතරක් සුදු වෙන එක තමයි වෙන්නෙ..කොහොම වුනත් මේ වෙද්දි ලෝකෙටම මේ වගේ සුදු සිංහයො ඉන්නෙ 20 කටත් වඩා අඩුවෙන්..ඒ අතරිනුත් මෝයා කියන්නෙ ලෝකෙ ලස්සනම සිංහයෙක් කියලානම් දකින ඕනිම කෙනෙක්ට පැහැදිලිවම පේනවා..කොහොම වුනත් මටනම් මෙයාව දකින පාරක් ගානෙ මතක් වෙන්නෙ ලෝකප්‍රකට Narnia ෆිල්ම් සීරීස් එකේ ඉන්න අස්ලාන් ව..🤍

සටහන – Shan Kottegoda✍🏼

කතෘ අයිතිය සුරකින්න 🚫

What do you think?

Written by Mic

මරණීය උපත්..

බළලුන් අපිව දකින්නෙ විශාල බළල් පැටව් විදිහටද..