ගෙවල්වල බිත්ති කඩාගෙන ඇවිත් මිනිස්සු කාපු යක්ෂයා! ![]()
![]()
![]()
චිත්රපටවල දකින බය හිතෙන දර්ශන පවා පරද්දන, සැබෑ ලෝකයේ සිදුවුණු අතිශය බිහිසුණු සත්ව ප්රහාරයක් ගැන ඔබ අහලා තියෙනවාද? මේක සිද්ධ වුණේ 1915 අවුරුද්දේ ජපානයේ “හොකයිඩෝ” දූපතේ තියෙන සංකෙබෙට්සු කියන හරිම නිහඬ ගම්මානයක.
කවුද මේ මෘගයා?
මේ ප්රහාරයට වගකියන්න ඕනේ “උසුරි බ්රවුන් බෙයාර්” (Ussuri Brown Bear) වර්ගයට අයිති, කිලෝ 340ක් විතර බර, අඩි 9ක් උස යෝධ වලසෙක්. ගමේ මිනිස්සු මූට කිව්වේ “කේසගාකේ” (Kesagake) කියලා.
මරණයේ ආරම්භය
1915 දෙසැම්බර් 9 වැනිදා උදේ, මේ යෝධ වලසා එකපාරටම ගමේ එක ගෙදරකට කඩා වැදුණා. ඒ වෙලාවේ ගෙදර හිටපු අහිංසක අම්මා කෙනෙක්වයි, කුඩා දරුවෙක්වයි මූ අමු අමුවේ මරාගෙන කෑවා. එතැනින් නතර වුණේ නැති මේ මෘගයා, ඒ අම්මාගේ සිරුර කැලේ ඇතුළට ඇදගෙන ගියා.
දෙවැනි රාත්රියේ මහා විනාශය




ගමේ මිනිස්සු තුවක්කු අරන් වලසාව හොයන්න පටන් ගත්තත්, වලසා කළේ හිතාගන්න බැරි දෙයක්. ඊළඟ දවසේ රෑ මූ ගමේ තවත් ගෙදරකට කඩා වැදුණා. ඒ වෙලාවේ ආරක්ෂාවට කියලා ඒ ගෙදරට ගොඩක් අය රැස් වෙලා හිටියේ.
එතැන හිටපු ගැබිණි කාන්තාවකගේ බඩ පවා පලාගෙන යන විදියට මේ වලසා පහර දුන්නා. විනාඩි කිහිපයක් ඇතුළත ඒ ගෙදර හිටපු පස් දෙනෙක්වම මූ මරා දැම්මා.
යක්ෂයාගේ අවසානය
දින කිහිපයක් ඇතුළත මිනිස්සු 7 දෙනෙක්ව බිලිගත්තු මේ යක්ෂයාව මරන්න අන්තිමට රජයේ හමුදාවට පවා මැදිහත් වෙන්න සිද්ධ වුණා. අන්තිමේදී යමමොටෝ හෙයිකිචි කියන දක්ෂ දඩයක්කාරයා, මේ වලසාගේ ඔළුවටයි පපුවටයි එල්ල කරපු වෙඩි පහරවල් දෙකකින් මේ බිහිසුණු දඩයම ඉවර කළා.
වලසාව මැරුවට පස්සේ උගේ බඩ කපලා බලද්දී, ඒ ඇතුළේ තිබිලා මිනිස් සිරුරු කොටස් පවා හම්බ වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා.
මේ වලසගෙ තියෙන විශේෂත්වය තමයි;
1. ගෙවල් ඇතුළටම ඒම: මේ වලසා දඩයම් කළේ කැලේදී නෙවෙයි, මිනිස්සුන්ගේ ගෙවල්වල බිත්ති කඩාගෙන ඇතුළට පැනලා.
2. අද්භූත බව: එක පාරක් වෙඩි වැදිලත්, වලසා තවත් දරුණු වෙලා ආපහු ආපු නිසා ගමේ අය හිතුවේ මූ “යක්ෂයෙක්” කියලා.
3. අදටත් තියෙන සාක්ෂි: ජපානයේ මේ ගම්මානය අදටත් සංරක්ෂණය කරලා තියෙනවා. ඒ බය හිතෙන වලසාගේ රූපයක් සහ පහර දුන්නු නිවාසවල ආකෘති අදටත් එහේ දකින්න පුළුවන්.
ඔබ දන්නවාද?
මේ සිද්ධියෙන් පස්සේ ඒ ගමේ මිනිස්සු ගම අතඇරලා ගියා. අදටත් ජපානයේ වනාන්තරවල ඇවිදින්න යන අයට මේ වලස් ප්රහාරය ගැන ලොකු අනතුරු ඇඟවීමක් කරනවා.
උපුටා ගැනීම : Unknown Diary


