Bush viper! ![]()
ඔබ ෆැන්ටසි චිත්‍රපටවල දකින මකරෙක් පොඩි වෙලා සර්පයෙක් වුණා කියලා හිතුණොත්? අන්න ඒ වගේම පෙනුමක් තියෙන, හැබැයි ලස්සනට වඩා දහස් ගුණයක් භයානක සතෙක් අපේ ලෝකේ ඉන්නවා. ඒ තමයි “Bush Viper” (බුෂ් වයිපර්).
මූව දැක්ක ගමන් ඕනම කෙනෙක් වශී වෙනවා. ඒත් පරිස්සමෙන්! මේ ලස්සන පිටුපස තියෙන්නේ මරණයත් එක්ක කරන සෙල්ලමක්.


මේ කුඩා මකරා කවුද?
• කුලය (Family): මෙයා අයිති වෙන්නේ Viperidae කියන උග්‍ර විෂ සහිත සර්ප කුලයටයි. අපේ රටේ ඉන්න තිත් පොළඟා, වැලි පොළඟා වගේම දරුණු විෂ තියෙන පවුලක තමයි මූත් සාමාජිකයෙක් වෙන්නේ.
• විද්‍යාත්මක නාමය: මෙයාගෙ විද්‍යාත්මක නාමය වෙන්නේ Atheris (ඇතරිස්).
• පෙනුම: මුගේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ඇඟ පුරාම තියෙන උල් වෙච්ච කොරපොතු (Keeled scales). මේවා නිසා මූව හරියට මකරෙක් වගේම පේනවා.
කොහෙද ඉන්නෙ?
මේ සර්ප මකරා දකින්න නම් අපිට අප්‍රිකානු මහද්වීපයේ ඝන කැලෑවලට යන්න වෙනවා. මෙයා ගොඩක් වෙලාවට ගස් උඩම තමයි ඉන්නේ. මුන් කළු, කොළ, කහ, රතු වගේ ලස්සන පාටවල් ගොඩකින් දකින්න ලැබෙනවා.
පොඩි වුණාට හරිම චණ්ඩි!
මූ ලොකු සර්පයෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් දිග අඟල් 18 සිට 24 දක්වා (අඩි 1.5 – 2ක්) විතරයි. හැබැයි මුගේ වලිගය හරිම හයියයි, ඒකෙන් ගස් අතුවල එල්ලිලා ඉන්න මූ හරිම දක්ෂයි.


මෙයා ඇත්තටම උග්‍ර විෂද?
මේක තමයි වැදගත්ම දේ. ඔව්, මූ උග්‍ර විෂ සහිත (Highly Venomous) සර්පයෙක්!
• ලේ කැටි කරන විෂ: මුගේ විෂ කෙලින්ම බලපාන්නේ රුධිරයට (Hemotoxic). මෙයා දෂ්ට කළොත් ඇඟ ඇතුළේ ඉන්ද්‍රියන්වලින් ලේ ගලන්න ගන්නවා වගේම පටක (Tissues) දිය වෙලා විනාශ වෙන්න ගන්නවා.
• විෂ නාශකයක් නැහැ: මේක තමයි භයානකම වැඩේ. ලෝකයේ මේ වෙනකම් Bush Viper ගේ විෂට හරියන නිශ්චිත විෂ නාශකයක් (Antivenom) හොයාගෙන නැහැ. ඒ කියන්නේ මෙයා දෂ්ට කළොත් බේරගන්න එක තනිකරම වාසනාව මත තමයි තීරණය වෙන්නේ.
තවත් විශේෂ කරුණු:
• මාර වෙස්වලා ගැනීම: දවස පුරාම ගස් උඩ කොළ අත්තක් වගේ නිශ්ශබ්දව ඉන්න මෙයා, ගොදුරක් ළඟට එනකම් ඉඳලා ඇසිපිය ගහන සැණින් පහර දෙන (Ambush Predator) දක්ෂයෙක්.


• පැටව් පිටින්ම බිහි කරනවා: අනිත් සර්පයෝ බිත්තර දාද්දී, මේ “පුංචි මකරා” බිත්තර දාන්නේ නැතුව කෙලින්ම පැටව් තමයි බිහි කරන්නේ.
ස්වභාවධර්මය කියන්නේ හරිම පුදුම තැනක්. ලස්සනම දේවල් පස්සේ සමහර වෙලාවට මාරාන්තික අනතුරු හැංගිලා තියෙනවා.
ඔයා මීට කලින් මේ වගේ සර්පයෙක්ව දැකලා තියෙනවාද? මෙයා ගැන මීට කලින් දැනගෙන හිටියද? නැත්නම් Like එකක් දාලා Share කරන්න! ![]()
උපුටා ගැනීම : Unknown Diary


