අපේ දත් සෑම විටම එකම ආකාරයට වර්ධනය වෙන්නේ නැහැ. දත් වර්ධනයේදී හැඩය, මුල්වල ව්‍යුහය හෝ දත් දෙකක් එකිනෙකට සම්බන්ධ වීමේ ආකාරය වෙනස් විය හැකියි. මේවා Dental Anomalies ලෙස හඳුන්වනවා.

1. වක්‍රතාව (Flexion)
දතේ සාමාන්‍ය හැඩයට වඩා වක්‍රතාවක් ඇති වීම.

2. දත් මුලේ අසාමාන්‍ය වක්‍රවීම (Dilaceration)
දතේ මුල හෝ දතේ වර්ධන කොටසක සැලකිය යුතු වක්‍රතාවක් ඇති වීම.

3. කොන්ක්රෙසන්ස් (Concrescence)
අසල දත් දෙකක Cementum ස්ථර එකිනෙකට සම්බන්ධ වීම.

4. දත් දෙකක් එකට එක්වීම (Fusion)
දත් වර්ධනයේදී දත් දෙකක් එකට එක්වී එක් දතක් මෙන් පෙනීම.

5. කෙටි දත් මුල් (Dwarfed Roots)
සාමාන්‍යයට වඩා කෙටි දත් මුල් ඇති වීම.

6. අමතර දත් මුල් (Accessory Roots)
සාමාන්‍ය දත් මුල්වලට අමතරව තවත් මුලක් හෝ මුල් කිහිපයක් ඇති වීම.

7. අධික Cementum තැන්පත් වීම (Hypercementosis)
දත් මුල වටා Cementum අධික ලෙස තැන්පත් වීම.

8. Enamel Pearl
දතේ සාමාන්‍ය enamel මතුපිටින් පිටත කුඩා Enamel ගැටිත්තක් ඇති වීම.

මේවා තිබුණා කියලා අනිවාර්යයෙන්ම දතක් රෝගී බව අදහස් කරන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවල දත් පිරිසිදු කිරීම, දත් මතුවීම, දතක් ඉවත් කිරීම හෝ Root Canal Treatment වැනි ප්‍රතිකාර වඩාත් සංකීර්ණ විය හැකියි.

එවැනි අසාමාන්‍යතාවක් සැක නම්, දන්ත වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවක් සහ අවශ්‍ය විට Dental X-ray / Imaging කිරීම වැදගත්.

දැනුම | Knowledge

