අවසානයේ ඒ ප්‍රශ්නයට පිළිතුර ලැබුණා!
දෙහිවල සත්වෝද්‍යානයේ අලුත්ම ආදරණීය සාමාජිකයා වන පුංචි නයිල් හිපෝ පැටවාට නමක් තෝරා ගැනීම සඳහා පැවැත්වූ තරගයට දරුවන්ගෙන් ලැබුණේ පුදුමාකාර උනන්දුවක්.
නමක් යෝජනා කරන්න අවස්ථාව ලැබුණු විට, පුංචි හදවත් ගණනාවක් තමන්ගේම අදහස් ඉදිරිපත් කළා. ![]()
නම් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අතරින් අවසානයේ එක් නමක් තෝරාගැනුණා…
“මෝමෝ” ![]()
ඒ නම මුලින්ම යෝජනා කළේ පුංචි දියණියක වන අවන්ධා ටමාරි.
ඇයගේ සුන්දර අදහස ලෝක ළමා දිනය වූ ඔක්තෝබර් 01 වැනිදා නිල වශයෙන් ජයග්‍රහණය කළ අතර, ඇයට ත්‍යාගයක්ද පිරිනැමුණා. ![]()
ඒ නිසා දැන් දෙහිවල සත්වෝද්‍යානයේ සිටින මේ පුංචි හිපෝ පැටවා නිකම්ම හිපෝ පැටවෙක් නෙවෙයි…
මෝමෝ! ![]()
පුංචි දරුවෙකුගේ සිතුවිල්ලක්, දරුවන් දහස් ගණනකගේ සහභාගීත්වයක් සහ මිනිසුන්ගේ ආදරය එකතු වෙලා ලැබුණු නමක්.
මෝමෝව දැකබලා ගැනීමට දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන ලෙස සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සියලු දෙනාට ආරාධනා කරනවා. ![]()
![]()
අපි නොදුටු ලෝකය

