in

ලංකාවේ නම NASA එකේ සටහන් කරපු ලාංකික සුපිරි මිටීරී..

නාසා ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය පර්යේෂණ විද්‍යාඥවරිය පියුමි විජේසේකර

මේ ඉන්නේ නිකන්ම නිකන් කෙනෙක් නෙවෙයි. ලංකාවෙන් ගිහින් ලෝකේ ලොකුම අභ්‍යවකාශ ආයතනයේ වැඩ කරන, අඟහරු ගමනකට පවා තේරුණු ලාංකික දියණියක්!

👩‍🔬 කවුද මේ පියුමි විජේසේකර?

Dr. පියුමි විජේසේකර කියන්නේ ඇමරිකාවේ ජීවත් වෙන ලංකා සම්භවයක් තියෙන විද්‍යාඥවරියක්.

දැන් ඇය වැඩ කරන්නේ කැලිෆෝනියාවේ සිලිකන් වැලි එකේ තියෙන NASA Ames Research Center එකේ Radiation Biophysics Laboratory එකේ. ඒ කියන්නේ NASA එකේ Space Biosciences Research Branch එකේ.

ඇය දැන් ජීවත් වෙන්නේ San Francisco වල.

🎓 ඉගෙන ගත්තේ කොහොමද?

මේක තමයි නියමම ආදර්ශයක්.

උපාධිය – University of California, San Diego – Bioengineering – 2015 දී

ශාස්ත්‍රපති උපාධිය – Carnegie Mellon University – Biomedical Engineering – 2017 දී

ආචාර්ය උපාධිය (PhD) – Carnegie Mellon University – Biomedical Engineering – 2022 දී

PhD එකට එයා කරේ Stem Cell සහ Organ Engineering. ඒ කියන්නේ මිනිස් පෙනහළු වගේ අවයව ලැබ් එකේ හදන හැටි ගැන. මිනිස් පෙනහළුවලට සමාන පෙනහළු මාදිලි හදලා, හුස්ම ගැනීමේ ලෙඩ රෝග ගැන පර්යේෂණ කරපු කෙනෙක්.

🔬 NASA එකේදී එයා මොනවද කරන්නේ?

NASA එකේදී පියුමි කරන්නේ අනාගතේ සඳටයි, අඟහරුටයි යන ගගනගාමීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පර්යේෂණ.

අභ්‍යවකාශයේදී මිනිස් ඇඟට බලපාන දේවල් ගැන එයා හොයනවා:

අයනීකරණ විකිරණ – Ionizing Radiation

සඳේ දූවිලි – Lunar Dust / Lunar Regolith

ගුරුත්වය නැතිකම – Microgravity

වැඩි CO2

මේවා මිනිස් පෙනහළු වලට, ශ්වසන පද්ධතියට කොහොම බලපානවද කියලා දැනගන්න, එයා ලැබ් එකේදී 3D මිනිස් පටක මාදිලි හදනවා. ඒවා High-throughput තාක්ෂණයෙන් හදලා, ඒවායේ පරීක්ෂණ කරනවා.

සරලව කිව්වොත්, අඟහරුට යන මිනිස්සු ජීවත් වේවිද? එයාලගේ පෙනහළු වලට මොනවා වෙයිද? කියලා කලින්ම හොයලා බලන වැඩේ තමයි එයා කරන්නේ.

🚀 අඟහරු මෙහෙයුම කියන්නේ ඇත්තටම මොකක්ද? – මේක අනිවාර්යයෙන් දැනගන්න ඕන

ගොඩක් අය හිතන්නේ පියුමි ඇත්තටම අඟහරුට ගියා කියලා. නෑ, ඒක වැරදියි.

ඇය තේරුණේ NASA එකේ HERA – Human Exploration Research Analog කියන අනුරූපණ (Simulated) අඟහරු මෙහෙයුමට.

2024 අප්‍රේල් 18 වෙනිදා NASA එක නිවේදනය කරා, අලුත් කණ්ඩායමක් විදියට පියුමි ඇතුළු 4 දෙනෙක්ව තෝරගත්තා කියලා.

ඒ 4 දෙනා:

1. පියුමි විජේසේකර

2. Jason Lee

3. Stephanie Navarro

4. Shareef Al Romaithi

මෙහෙයුමේ විස්තර:

තැන: NASA Johnson Space Center, Houston, Texas

ඇතුළු වුණේ: 2024 මැයි 10 වෙනිදා

එළියට ආවේ: 2024 ජූනි 24 වෙනිදා – “පෘථිවියට ආපහු ආවා” කියලා

කාලය: දවස් 45ක් එක දිගට ඇතුළේ

HERA කියන්නේ පොළොවේ හදපු පොඩි ගෙයක් වගේ හැබිටැට් එකක්. ඒක ඇතුළේ ඇත්තටම අඟහරුට ගියා වගේ ජීවත් වෙන්න ඕන. එළියට යන්න බෑ, කා එක්කවත් මුණගැහෙන්න බෑ, ප්‍රමාද වෙලා එන පණිවිඩ වලින් විතරයි කතා කරන්නේ.

එයාලා ඒ දවස් 45ට කරපු දේවල්:

ගගනගාමීන් වගේ විද්‍යාත්මක පර්යේෂණ කරා

Virtual Reality වලින් අඟහරු පොළොවේ “ඇවිද්දා”

NASA එකේ Human Research Program එකේ මානව සෞඛ්‍ය අධ්‍යයන 18ක් කරා

ඇයි මේක කරන්නේ? ඇත්තටම අඟහරුට යන්න කලින්, මිනිස්සු තනිවෙලා, හිරවෙලා, දුරස් වෙලා ඉද්දි කොහොම හැසිරෙනවද? එයාලගේ මනසට, ඇඟට මොකද වෙන්නේ? කියලා දැනගන්න.

ඒ නිසා මේක ඇත්ත අඟහරු ගමනක් නෙවෙයි, අනාගත ඇත්ත අඟහරු ගමනට ලෑස්ති වෙන අනුරූපණ ගමනක්.

❤️ ඇයි මේක ලංකාවට මෙච්චර විශේෂ?

ලංකාවේ ඉපදිලා, ලංකාවේ නමක් තියෙන දුවෙක් NASA එකේ මෙහෙම තැනකට එන එක ලේසි නෑ.

ලංකාවේ පොඩි ගමක ඉඳන් හරි, ලංකාවේ ඉස්කෝලෙක ඉඳන් හරි, ලෝකේ ලොකුම තැනකට යන්න පුළුවන් කියලා පියුමි අපිට පෙන්නලා දීලා තියෙනවා.

අද ලංකාවේ ඉගෙන ගන්න දරුවෙක්ට, විශේෂයෙන්ම ගැහැණු දරුවෙක්ට මේක ලොකුම ආදර්ශයක්.

ලංකාවේ දුවෙක් අඟහරු ගමනකට තේරුණා කියන්නේ, අපේ රටේ අනාගතයටත් ලොකු ආඩම්බරයක්! 🇱🇰

ඔයා හිතන්නේ ලංකාවේ ඊළඟ පියුමි කවුද?

Yugaravaya official

What do you think?

Written by Mic

කෑම පැකට් එකේ දිනය පහු වෙලා. දැන් ඒක කන්න පුළුවන්ද?

ගොඩබෑමකින් තොරව දින 23ක් ගුවනේ!