සිරුරට අහිතකර තෙල් වගේම හිතකර තෙල් වර්ගත් තියෙනවා. මෝර තෙල් කියන්නේ සිරුරට හිතකර තෙල් වර්ගයක්. මෝර තෙල් භාවිතා කිරීමෙන් ඔබේ සිරුරට සෞඛ්‍යමය ප්රතිලාභ රැසක් හිමිකර ගන්න පුළුවන්.
හදවත් රෝග අවදානම අඩු කරනවා
මෝර තෙල්වල ඔමේගා 3 කියන හිතකර මේද අම්ලය අඩංගු වෙනවා. මේ මේද අම්ලය සිරුරේ ඇති අහිතකර කොලොස්ටරෝල් මට්ටම පාලනය කරනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට හදවත් රෝග ඇති වීමේ අවදානම අඩු වෙනවා.
ඇට මිදුලු වලට ගුණදායකයි
මෝර තෙල් වල අඩංගු වන විටමින් ඩී සිරුරේ ඇට මිදුලු ශක්තිමත් කරන්න උපකාරී වෙනවා. වියපත් පුද්ගලයන්ගේ ඇට මිදුළු ශක්තිමත් කිරීමට මෝරතෙල් නිර්දේශ කළ හැකියි. සිරුර වෙහෙසවන හා ක්‍රීඩා කරන පුද්ගලයන් හට මෝරතෙල් ඉතා සුදුසුයි.
මානසික ආතතිය දුරු කරනවා
මෝර තෙල් වල අඩංගු වන ඔමේගා 3 මේද අම්ලය මනස සුවපත් කරන්න දායක වන මේද අම්ලයක්. මනසෙහි ඇති ව්‍යාකූල බව පාලනය කරලා, විවිධ මානසික ගැටලු පාලනය කරන්න මෝර තෙල් සමත් වෙනවා.
දියවැඩියා අවදානම අඩු කිරීම
මෝර තෙල් වල අඩංගු වන ඔමේගා ත්‍රී මේද අම්ලය සිරුරේ ඉන්සියුලින් මට්ටම පාලනය කරන්න සමත් වෙනවා. මෝර තෙල් වල අඩංගු වන විටමින් වර්ග පළමු වර්ගයේ දියවැඩියා තත්ත්වයක් ඇතිවීමේ අවදානම අඩු කරන්න සමත් වෙනවා. දිනපතා මෝරතෙල් භාවිතා කිරීමෙන් දියවැඩියා තත්ත්වය පාලනය කරගත හැකියි.
පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා
මෝර තෙල් වලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම පියයුරු පිළිකා ඇතිවීම අඩු කිරීමේ හැකියාවක් මෝර තෙල් වලට තියෙනවා. මෝර තෙල් කාන්තා පාර්ශවයට හොඳින් ගැලපෙනවා.
උපුටා ගැනීම: wellnessexpert


