in

තම පැටවුන් වෙනුවෙන් කුසගින්නේ මියයන බූවල්ලියගේ ඛේදනීය ආදර කතාව

අම්මා කෙනෙක්ගේ ආදරයට සීමාවක් නැහැ කියලා අපි අහලා තියෙනවා. හැබැයි සත්ව ලෝකයේ ඉන්න ගැහැණු බූවල්ලන් (Octopuses) තමන්ගේ පැටවුන් වෙනුවෙන් කරන කැපවීම අහනකොට ඇත්තටම අපේ ඇස්වලට කඳුළු එනවා. මේ ලෝකයේ දකින්න ලැබෙන අතිශය දුර්ලභ, ඒ වගේම ඛේදනීය මාතෘ සෙනෙහසක් විදිහට මේ කතාව හඳුන්වන්න පුළුවන්. බිත්තර දැම්මට පස්සේ මේ අම්මා කෑම කන එක සම්පූර්ණයෙන්ම නතර කරලා, පැටව් ටික එළියට එනකන් බිත්තර රකිනවා. අන්තිමේදී ඇය කුසගින්නෙම මියයනවා.

මේ කාලය ඇතුළත බූවල්ලියක් විඳින දුක පුදුමසහගතයි. උදාහරණයක් විදිහට “Giant Pacific octopus” අම්මා කෙනෙක් මාස 6ත් 10ත් අතර කාලයක් කිසිම කෑමක් නොකා බිත්තර පිරිසිදු කරමින් රකිනවා. ගැඹුරු මුහුදේ ජීවත් වෙන “Graneledone boreopacifica” කියන විශේෂයේ ගැහැණු සතෙක්, අවුරුදු 4 හමාරක් (4.5) එක දිගට කිසිම කෑමක් නොකා තමන්ගේ බිත්තර රැකලා තියෙනවා කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. මේක තමයි සත්ව ලෝකයේ සතෙක් බිත්තර රකින වැඩිම කාලය!

ඇයි මේ අම්මා මේ තරම් දුකක් විඳින්නේ? සංසර්ගයෙන් පස්සේ ඇගේ සිරුරේ (optic gland) ඇතිවෙන හෝමෝන වෙනස්කම් නිසා ඇය සම්පූර්ණයෙන්ම කෑම ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ මුළු ශක්තියම දාලා බිත්තර ටික රකින මේ අම්මා, කුසගින්න දරාගන්න බැරුව අන්තිමේදී තමන්ගේම අඬු පවා සපාකනවා. බූවල්ලන් තමන්ගේ මුළු ජීවිත කාලයටම පැටව් හදන්නේ එකම එක පාරයි. ඒ නිසා තමන්ගේ ජීවිතය පූජා කරලා හරි මේ අම්මා කරන්නේ තමන්ගේ දරුවන්ට මේ ලෝකයට එන්න ආරක්ෂිතම පරිසරය හදලා දෙන එකයි.

උපුටා ගැනීම: Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

විෂ සහිත නාගයින්ව තත්පරෙන් මරන… අප්‍රිකාවේ “නින්ජා” කුරුල්ලා!

ලෝකයේ පළමු පරමාණු බෝම්බය හදන්න රහසිගතව ඉදිවුණු “හැංගුණු නගර”