” ස්වභාවධර්මයේ විශ්මයන් කවදාවත් නිමා වෙන්නෙ නෑ “..ඔයා දිගටම මගෙ ආටිකල් කියවන කෙනෙක්නම් මේ වචන ටික එකපාරක් හරි අනිවාරෙන්ම ඔයා දැකලා ඇති..ඉතින් අද මට කියන්න තියෙන්නෙත් ඒ දේමයි..මොකද මේ ලිපියත් ඒ තරම්ම රසවත් වෙයි..කොහොම වුනත් ඔයා දැනටමත් දන්නවා පක්ෂීන් කියලා කියන්නෙ නිදහසේ අහසෙ පියාසර කරන සතුන් විශේෂයක් කියලා..හැබැයි මේ අතරෙ පියාඹන්න පුංචිම හැකියාවක්වත් නැති පැස්බරා ( Ostrich ) , කැසෝවරි ( Cassovary ) , එමූ ( Emu ) , කිවී ( Kiwi ) වගේ පක්ෂීන් එහෙමත් ඉන්නවා කියලා ඔයා දන්නවනෙ..ඒත් අද මම කියන්න යන්නෙ මේ දෙගොල්ලන්ටම වඩා වෙනස් කෙනෙක් ගැන..ඔයා නිකමට හිතන්නකො දෙසැම්බර් වෙද්දි සීතලේ ගුලිවෙන ඔයාට, දරාගන්න බැරි තරම් සීතලක මුළු ජීවිත කාලයක්ම ජීවත් වෙන්න උනොත් ඒක කොහොමට තියෙයිද..විශ්වාස කරන්න පුතා..අද මම කියන්න යන්නෙ අන්න ඒ වතුරත් ගල් වෙන සීතල ජීවිතේ සාමාන්‍ය දෙයක් කරගත්ත ස්වභාවධර්මයේ අද්විතීයම නිර්මාණයක් ගැන..ඒ තමයි මුළු ලෝකයම ආදරේ කරන සතුන් විශේෂයක් වගේම හිම දේශයේ රජවරු වෙන ” පෙන්ගුයින් ” කියලා කියන්නෙ..ඉතින් අපි දැන් හාහාපුරා කියලා කතාවට බහිමුකෝ..

පෙන්ගුයින් කියන්නෙ මොන වගේ සත්වයෙක්ද කියලා අපි හැමෝම දන්නවනේ..කොහොම උනත් මේ පෙන්ගුයින් කියලා කියන්නෙ දැනට විශේෂ 18 ක් පමණ ලෝකයේ වායස කරන Carnivorous ( මාංශභක්ෂක ) සතුන් විශේෂයක්..ඒ වගේම මේ සතුන් ජීවත් වෙන්නෙ මිනිස්සුන්ට දරාගන්න බැරි තරමෙ සීතලක් එක්ක හිම පිරුණ වාසභූමියක..හිම කියද්දිම වැඩි දෙනෙක්ගෙ ඔළුවට එන්නෙ හිමේ ජීවත් වෙන ශ්වේතවර්ණ යෝධයො වෙන හිම වලස්සු ( Polar Bear ) කියලා හැමෝම දන්නවනේ..ඒ වගේම ඔයා ඕන තරම් ෆිල්ම්, කාටුන් වල දැකලා ඇති මේ හිම වලස්සුයි, පෙන්ගුයින්ලයි එකට ඉන්නවා..හැබැයි දරුවෝ ඇත්ත ජීවිතේදිනම් මෙහෙම දෙයක් ඔයාට කවමදාවත් දකින්න ලැබෙන්නෙ නෑ..ඒකට හේතුව තමයි සමකය ගත්තහම හිම වලස්සු උතුරු අර්ධගෝලයේ ජීවත් වෙද්දි, පෙන්ගුයින්ලා දකුණු අර්ධගෝලය තමන්ගෙ නිජබිම කරගත්ත එක..මේ හේතුව නිසා හිම වලස්සු සහ පෙන්ගුයින්ලා කවමදාවත් ස්වභාවිකවනම් මූණට මූණ මුණගැහෙන්නෙ නෑ..කොහොම වුනත් Do or Die කියන්න වගේ පෙන්ගුයින්ලාටත් ජීවත් වෙන්නනම් මාළුන්ව දඩයම් කරන්නම වෙනවා..ඒකත් උහුලන්න බැරි තරම් සීතල වතුරට බැහැලා..හැබැයි මේ සීතල වතුරෙන් පෙන්ගුයින්ට කිසිම හානියක් වෙන්නෙ නෑ..ඒකට හේතුව තමයි මේ අපූරු සත්තුන්ට ජල ආරක්ෂිත ඝන පිහාටු පිහිටලා තියන එක..සරලවම කිව්වොත් මේ පිහාටු සැකැසිලා තියෙන්නම ශරීරයෙන් සීතල ඉවත් කරලා උෂ්ණත්වය උරාගන්න විදිහට..ඒ වගේම ගොඩබිමේදි එකිනෙකාව උණුසුම් කරගන්න මොවුන් කරන තවත් ක්‍රියාවක් තමයි සිය ගණනක් පෙන්ගුයින්ලා එක ගොඩකට ළංවෙලා ඉන්න එක..ඒ වගේම මෙතන තියන තවත් සිත්ගන්නාසුළුම දෙයක් තමයි ස්වභාවධර්මය මොවුන්ට ලබාදීලා තියන ආරක්ෂක යාන්ත්‍රනය..ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්කෝ..මේ පෙන්ගුයින්ලගෙ සිරුරෙ ඉහල කොටස කළු පාට වෙද්දි, බඩ ප්‍රදේශය සුදු පාටට තමයි පිහිටලා තියෙන්නෙ..ඉතින් ඔවුන් දඩයම් කරන්න පීනන වෙලාවල් වලදි ගැඹුරු ජලයේ වර්ණයත් එක්ක පෙන්ගුයින්ගෙ පිට ප්‍රදේශයේ වර්ණය මිශ්‍ර වෙලා උඩ ඉඳන් බලන විලෝපිකයන්ට ඔවුන්ව පේන්නෙ නැතුව යනවා..ඒ වගේම ජලය යට ඉඳලා බලන විලෝපිකයන්ට අහසෙ වර්ණයත් එක්ක පෙන්ගුයින්ගෙ බඩ ප්‍රදේශයේ සුදු වර්ණය මිශ්‍ර වෙලා ඔවුන්ටත් මේ පෙන්ගුයින්ලාව හොයාගන්න තරමක් අපහසු වෙනවා..ඉතින් මෙන්න මේ ආරක්ෂක යාන්ත්‍රනයට කියන නම තමයි Countershading ( කවුන්ටර්ශේඩින් ) කියලා කියන්නෙ..ඒ වගේම මේ Countershading ආරක්ෂක යාන්ත්‍රනයට තවත් හොඳම උදාහරණ කිහිපයක් තමයි මඩුවන්, ග්‍රේට් වයිට් මෝරුන්, නිල් තල්මසුන් සහ ඩොල්ෆින් කියලා කියන්නෙ..ඒ වගේම සාමාන්‍ය කුරුල්ලන්ට පියාසර කරන්න පහසු වෙන්න සැහැල්ලු, කුහර සහිත අස්ථි සැකිල්ලක් පිහිටලා තිබුනත් මේ පෙන්ගුයින්ලටනම් පිහිටලා තියෙන්නෙ බරින් වැඩි අස්ථි පද්ධතියක්..ඒ නිසා මෙයාලට පහසුවෙන් පීනන්න පුළුවන් වෙනවා වගේම ඒ සඳහා පෙන්ගුයින්ගෙ අත්තටු වරල් විදිහට ක්‍රියා කරනවා..කොහොම වුනත් මෙතනින් එහාට මම කියන ටිකනම් ඔයාලට තරමක් වෙනස් දෙයක් වෙයි..එහෙනම් ඉතින් අපි දැන් හෙමීට ඒ පැත්තටත් හැරෙමුකෝ..

සත්ව ලෝකෙ ගත්තහම මේ හැම ජීවියෙක්ටම පොදු දෙයක් තමයි සදාකාලිකවම විශ්වීය භාෂාවක් වුන ” ආදරය ” කියලා කියන්නෙ..ඉතින් මේ ආදරේ සම්බන්ධ තැනදිනම් මෙයාලා කරන්නෙ තරමක් අමුතු දෙයක්..ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්කෝ..පරිණත වයසට ආපු පිරිමි පෙන්ගුයින්ලාට පෙන්ගුයින් කෙල්ලෙක්ට හිත ගියහම එයාලා කරන්නෙ සුමට, ලස්සන ගලක් හොයාගන්න එක..( අප්පටඉඳා සෙට් වුනේ නැත්තන් ගල් පාරක් ඔළුවට කෙලලා ස්වර්ගස්ත කරන්නවත්ද හදන්නෙ..
) අපොයි නෑ..මෙයාලා කරන්නෙ එහෙම ගලක් හොයාගෙන එයාලට හිත ගිය පෙන්ගුයින් අක්කා කෙනෙක්ට ගිහින් ඒ ගල දෙන එක..ඔන්න ඉතින් පෙන්ගුයින් කෙල්ල ඒ ගල පිළිගත්තා කියන්නෙ පුතේ වැඩේ ගොඩ..හැබැයි ඉතින් පිළිගත්තෙ නෑ කියන්නෙනම් පෙන්ගුයින් කොල්ලාට කැලෑ දෙයියන්ගෙම පිහිටයි..මෙන්න මේකට තමයි Stone proposal කියලා කියන්නෙ..කොහොම වුනත් පෙන්ගුයින් ගැහැණු සතුන් ඒ ගල පිළිගත්තොත් ඊලඟට එයාලා කරන්නෙ මේ ගල් තමන්ගෙ කූඩුව හදන්න භාවිතා කරන එක..අවසානෙදි දෙන්නා එක්ක එකතු වෙලා මෙහෙම ගල් ගොඩක් එකතු කරලා පොළවෙන් තරමක් උස වෙන්න කූඩුවක් හදලා ඒකෙ මෙයාලා බිත්තර දානවා..ඉතින් මේ කූඩුව නිසා, හිම දියවෙලා පොළව දිගේ එන වතුරෙන් බිත්තරයි, පැටවුන්වයි ආරක්ෂා කරගන්න මෙයාලට පුළුවන් වෙනවා..ඒ වගේම මේ පෙන්ගුයින්ලා කියන්නෙ හොරකම් කරන සත්තු ජාතියක් කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියෙ නැත්නම් ඔයාට දැන් ඒක විශ්වාස කරන්නම වෙනවා..( හැබැයි ඉතින් මුන්දැලගෙ බෙල්ල වටේනම් රතු පාට නෑ
)..කොහොම උනත් ඒක වෙන්නෙ මෙහෙමයි..ජීවවිද්‍යාත්මක හේතූන් මත බිත්තර දාන්න හැකියාවක් නැති ගැහැණු සතුන් ඒ වගේ අවස්ථා වලදි කරන්නෙ වෙනත් පෙන්ගුයින් කෙනෙකුගේ බිත්තර හෝ පැටව්න්ව හොරකම් කරන එක..එහෙම හොරකම් කරන පැටවුන්ට ඒ අය ගොඩක් ආදරෙයි..හැබැයි ඕනම දෙයක් අගයක් තියෙන්නෙ ලැබෙනකම් විතරයි කියන දේ මෙතනටත් වලංගුයි..ඒකට හේතුව තමයි ටික කාලයක් යද්දි හොරකම් කරපු පැටියාට තියන ආදරේ, ආසාවත් මේ අයගෙන් ඉබේටම නැතිවෙලා යන එක..ඔන්න ඉතින් මෙතනින් එහාට ගියහම තමයි හොඳම නාඩගම පටන්ගන්නෙ..ඒ තමයි මේ පෙන්ගුයින්ලා අතරත් වටවලයො..අප්පටසිරි වැරදුනා..
ඒ තමයි මේ පෙන්ගුයින්ලා අතර සමලිංගික සම්බන්ධතා පවත්වන පෙන්ගුයින්ලා වාසය කරන එක..ඔන්න ඔතෙන්දි තමයි ඉතින් පෙන්ගුයින්ලත් ගේ කුරුල්ලො වෙන්නෙ..
( ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ..
)..කොහොම වුනත් වංගෙඩියකට වංගෙඩියකින් තඩිබෑවා කියලා පිටි කෙටෙන්නෑ කියන්න ඕගොල්ලො හොඳටම දන්නවනෙ..
ඉතින් මේ වගේ සමලිංගික පෙන්ගුයින් යුගලක් ඒ අයට පැටව් ඕනි වුනහමත් කරන්නෙ වෙනත් පෙන්ගුයින් කෙනෙක්ගෙ පැටව්න්ව හොරකම් කරන එක..එහෙම කරා කියලා පැටව්න්ව පෝෂණය කරන එකත් එයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙනම් නෑ..මොකද ඒකට අවශ්‍ය වෙන්නෙ පැටව්න්ට බඩගිණි වෙලාවට මාළුවෙක් ගිල්ලවන එක විතරයි..කොහොම වුනත් මෙන්න මේ විදිහට තමයි සොබාදහමේ අද්විතීයම නිර්මාණයක් වුන පෙන්ගුයින්ලගෙ ජීවිතය ගලාගෙන යන්නෙ..හැබැයි ඉතින් පෙන්ගුයින් කියලා කියන්නෙත් සොබාදහමේ විශ්මිතම නිර්මාණයක් කියලනම් අමතක කරන්නම එපා..![]()
සටහන – Shan Kottegoda![]()
කතෘ අයිතිට සුරකින්න ![]()


