ජූල්ස් වර්න් ඔහුගේ ප්‍රසිද්ධ නවකතාව වන ‘Around the World in 80 Days’ ප්‍රකාශයට පත් කිරීමෙන් දශකයකට පසුව බි්‍රතාන්‍ය සංචාරකයෙක් ලොව වටා සංචාරය කිරීමේ ඉලක්කය ඇතිව පිටත් විය. කෙසේ වෙතත්, දුම්රියෙන් සහ නෞකාවෙන් සිය ගමනේ නිරත වූ වර්න්ගේ පොතේ චරිතය මෙන් නොව, තෝමස් ස්ටීවන්ස් පා පැදියක් භාවිතා කිරීමට අදහස් කළේය. ඔහුගේ සංචාරය 1884 වසරේ දී ආරම්භ වූ අතර වසර දෙකකට වැඩි කාලයක් ඒ සඳහා ගත විය. ඔහු යළි නිවසට පැමිණීමෙන් අනතුරුව, ඔහු ‘Around the World on a Bicycle’ නැමැති ග්‍රන්ථයක් රචනා කළේය. ගෝලීය වශයෙන් විශාල අවධානයක් දිනාගෙන තිබෙන මෙම ග්‍රන්ථය තුළ ඔහු උතුරු ඇමෙරිකානු මහාද්වීපය හරහා, යුරෝපය හරහා සහ ආසියාව හරහා ගමන් කරන අතරතුර දුටු දේ විස්තරාත්මකව සඳහන් කර තිබේ.
උතුරු ඇමෙරිකාවේ පළමු නැවතුම එංගලන්තයේදී උපන් ස්ටීවන්ස් 1871 දී ඇමෙරිකාවේ පදිංචි වූ අතර එවකට ඔහුගේ වයස අවුරුදු 17 කි.
මලල ක්‍රීඩකයකු නොවූ නමුත් ඔහු පාපැදි ධාවනය සඳහා දැඩි උනන්දුවක් දැක්වූ අතර එය සැලකුණේ එකල එය සැලකුණේ වංශාධිපති පුද්ගලයන්ගේ විනෝදාශයක් ලෙසයි. ඇමෙරිකානු කතුවරයකු සහ චිත්‍රපට නිෂ්පාදකයකු වන රොබට් ඉසෙන්බර්ග්ට අනුව, ස්ටීවන්ස් මෙතරම් ජනප්‍රිය වීමට හේතුව වූයේ “ඔහු අහම්බෙන් ඉදිරියට ගිය සහ එය සිදු කිරීමට ප්‍රමාණවත් ලෙස පෙළඹවීම් ලද සාමාන්‍ය මිනිසෙකු වීමයි.” මුලදී, ස්ටීවන්ස්ගේ ඉලක්කය වූයේ උතුරු ඇමෙරිකානු මහාද්වීපය තරණය කිරීමයි, ඔහු එය සිදු කළේ මාස පහක කාලයකදී සැන් ෆ්‍රැන්සිස්කෝ සිට බොස්ටන් දක්වා පාපැදිය ධාවනය කිරීමෙන් ය.
උපුටා ගැනීම : Divaina


