හුවැන්ග්ලින් (Huangling) ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා පස් කපද්දී අහඹු ලෙස සොයාගනු ලැබූ,ටොන් 3කට වඩා බරැති (කාසි 300,000කට අධික) පුරාණ චීන ලෝකඩ කාසි තොගයක සැබෑ ඡායාරූපයකි.
ටෑන්ග් (Tang) සහ සොං (Song) රාජවංශ සමයන්ට (ක්‍රි.ව.618–1279) අයත් මෙම පෞරාණික කාසි,එකල තන්තුවලින් අමුණා බිම්ගෙයක් තුළ තැන්පත් කර තිබූ අතර,වසර සිය ගණනක් පස් යට පැවතීම නිසා ඔක්සිකරණය වී මෙලෙස එකිනෙකට ඇලී පවතී.අතීතයේදී යුද්ධ,ආක්‍රමණ හෝ හදිසි අනතුරු නිසා ධනවත් වෙළෙන්ඳෙකු හෝ බැංකුවක් විසින් ආරක්ෂාව සඳහා සඟවා තබන්නට ඇති බව විශ්වාස කෙරේ.අතීත චීන මුදල් භාවිතය සහ ආර්ථික ඉතිහාසය මනාව තහවුරු කරන අද්විතීය පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙස මෙය සැලකේ.
මීට වසර 1,000කට පමණ පෙර අතීත මානවයන් මෙතරම් විශාල කාසි ප්‍රමාණයක් තන්තුවල අමුණා බිම්ගෙයක් තුළ සඟවා තැබීමට හේතුව කුමක් විය හැකිද? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න!
Feel Vibe


