“Mommy” ලෙස හඳුන්වන මෙම බටහිර සැන්ටා ක්‍රූස් ගැලපගෝස් යෝධ කැස්බෑවා
, 1932 වසරේදී ඇමරිකාවේ Philadelphia Zoo වෙත රැගෙන එන ලදී.
වසර 90කට වැඩි කාලයකට පසුව, 2025 පෙබරවාරි මාසයේදී ඇයගේ පළමු කැස්බෑ පැටවා බිහි විය. එය වසර 150කට වැඩි ඉතිහාසයක් ඇති එම සත්වෝද්‍යානයේදී බිහි වූ පළමු ගැලපගෝස් යෝධ කැස්බෑ පැටවා විය.
නමුත් ඇගේ කතාව එතැනින් නතර වූයේ නැහැ. ![]()
ඇයගේ පළමු බිත්තර කාණ්ඩයෙන් පැටවුන් 7 දෙනෙකු බිහි වූ අතර, පසුව තවත් 9 දෙනෙකු බිහි විය.
ඒ අනුව 2025 ජූලි මාසය වන විට පැටවුන් 16 දෙනෙකු ඇයගේ පවුලට එක්ව සිටියහ. ![]()
![]()
![]()
මෙම පුංචි පැටවෙකුගේ බර ග්‍රෑම් 70–80ක් පමණ වන අතර, ඔවුන්ගේ මව්පියන්ගේ බර රාත්තල් සිය ගණනක් දක්වා වර්ධනය විය හැකිය.
වසර 100කට ආසන්න ජීවිතයක් ගත කළ පසුවත්, “අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට කිසිදා ප්‍රමාද වැඩි නැහැ” යන අපූරු කතාවක් Mommy අපට කියා දුන්නාය.
අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya

