ජලය පානය කිරීමේ වැදගත්කම ගැන අපි කලින් කතා කරලා තියෙනවා. හැබැයි අද අපි කතා කරන්නේ උදෑසන අවදි වූ විගස උණු වතුර වීදුරුවක් පානය කිරීමේ සෞඛ්‍ය ප්‍රතිඵල පිළිබඳවයි. සෙල්සියස් 54 සහ 71°C අතර උණුසුමක් සහිත ජලය වීදුරුවක් තමයි මේ සඳහා ගැලපෙන්නේ. පමණට වඩා උණුසුම් ජලය පානය කිරීමෙන් අභයන්තර අවයව වලට හානි වෙන්න පුළුවන්.
රුධිර සංසරණය ක්‍රමවත් වීම
රුධිර සංසරණයේ ක්‍රමවත් බව ගොඩක් වැදගත්. අක්‍රමවත් රුධිර සංසරණයක් ඇති විට රුධිර වාහිනි වල ලේ කැටි සිරවීමේ සහ හදවත් රෝග ඇති වීමේ අවධානමක් ඇති වෙනවා. නමුත් සෑම උදෑසනකම උණු වතුර වීදුරුවක් පානය කිරීම නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා.
ආහාර ජීර්ණය පහසු කරවීම
ආහාර මාර්ගය දිගේ රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට උණුසුම් ජලය සමත් වෙනවා. එවිට ආහාර ජීර්ණ පද්ධතියේ අවට වට පිටාව පිරිසිඳු වන අතර, ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙනවා.
මානසික ආතතිය සුව කිරීම
උදේ වරුවේ හිස් බඩ උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ධනයක් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට මානසික ආතතිය දුරු වෙනවා. දවස පුරා උද්යෝගයෙන් සිටීමට හැකි වෙනවා.
මල බද්ධය සුව කිරීම
මල බද්ධය කියන්නේ වේදනාකාරී වගේම, භයානක රෝගයක්. මෙම රෝගය වැඩි දියුණු වූ විට පිළිකා තත්වයන්ද ඇති විය හැකියි. උදේ වරුවේ උණුසුම් ජලය පානය කිරීමෙන් බඩවැල් ලිහිල් වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ තෙත් සහිත ස්වභාවය වැඩි වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මල බද්ධය සුව වෙනවා.
සිරුරේ ඇති විශ ඉවත් කිරීම
උණුසුම් ජලය පානය කිරීමේදී අභ්‍යන්තර ශරීර උෂ්ණත්වය ඉහළ යනවා.මෙහිදී අන්තරාසර්ග පද්ධතිය උත්තේජනය වී ශරීරයෙන් දහඩිය දමන්න පටන් ගන්නවා. දහදිය හරහා සිරුරේ ඇති විෂ ද්‍රව්‍යයන් සිරුරෙන් පිට වී යනවා.
උගුරේ ඇති ආසාදන නැති කිරීම
උදේ නැගිට්ට වෙලාවට ශ්ලේශ්මල පටල සෙම වලින් පිරිලා තියෙන්නේ පුළුවන්. මෙය ඇත්තෙන්ම අපහසුකාරී තත්වයක්. උදේ වරුවේ උගුරේ කසන සුළු බව, බෙල්ලේ සහ ඔළුවේ කැකුම් ඇති වීමමට මෙය බලපානවා. හැබැයි උදේ නැගිට්ට ගමන් උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් ශ්ලේශ්මල පටල වල සහ උගුරේ සිරවී ඇති සෙම ඉවත් කර ගන්න පුළුවන්.
සිරුරේ බර අඩු වීම
සෑම උදෑසනකම අවදි වුනු ගමන් උණු වතුර වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ බර අඩු වෙනවා. මෙයට හේතු වෙන්නේ උණු වතුරේ බලපෑමෙන් සිරුරේ ඇති අනවශ්‍ය ආහාර කොටස් සහ මේද කොටස් මල පහ හරහා පිටවී යන නිසයි.
ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරවීම
සිරුර විජලනයට පත් වුනාම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හානි සිදු වෙනවා. මේ නිසා ජලය පානය කිරීම ගොඩක් වැදගත්. මීට අමතරව උදේ වරුවේ උණුසුම් ජලය පානය කල විට මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙනවා. ඒ වගේම සිරුරේ අභ්‍යන්තර පද්ධති වල ක්රියාකාරීත්වයද ක්‍රමවත් වෙනවා.
උපුටා ගැනීම : wellnessexpert


