in ,

වෙල්වට් සබන් මගින් ඔබේ සමට පැය 6ක මොයිස්චරයිසින් ගුණයක් ලැබෙන බව ඔබ දන්නවාද?

Hemas Consumer Brands හි ප්‍රමුඛතම කාන්තා සන්නාමය වන Velvet, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු   මෘදු සමක් ලබා දීමට උපකාරී වන විටමින් A සහ ​​E අනුසාරයෙන්  නිෂ්පාදනය කරන  ලද නවතම   Velvet සබන් වර්ගයක් පසුගියදා  වෙළෙඳපළට දියත් කරන ලදී. සමේ තෙතමනය පැය  6ක කාලයක් රඳවා තබා ගත හැකි වීම. මෙම නවතම   Velvet සබන් නිෂ්පාදනයේ ඇති සුවිශේෂීම ලක්ෂණය වේ. Velvet සැම විටම ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ  සම පිලිබඳ අවධානය යොමු කරන  සන්නාමයක් වන අතර සමේ   පැහැය   සහ සමේ ස්වභාවය පිළිබඳව දැනුවත් වීමට නිරන්තරයෙන් කාන්තාවන්   දිරිමත් කරයි.

පැය 6ක මොයිස්චරයිසින් ගුණයෙන් අනූන   නවතම වෙල්වට් සබන් නිෂ්පාදන,  සමේ   ස්වභාවික තෙතමනයට හානි කරන සමේ පවතින  අපද්‍රව්‍ය  ඉවත් කරයි. තවද එයට වෙළෙඳපළ  තුල පවතින අනිකුත් සබන් වලට වඩා හොඳ තෙතමනයක්  රඳවා තබා ගැනීමේ හැකියාව පවතින   බව  සායනික  පරීක්ෂණ   මගින් තහවුරු කර ඇත.

සෑම විටම තම පාරිභෝගික අවශ්‍යතා අවබෝධ කරගත් සන්නාමයක් ලෙස Velvet  සිය සබන්, ග්‍රෑම් 70 සහ ග්‍රෑම් 45 ඇසුරුම්වලින් එළිදක්වන ලදී. පාරිභෝගිකයන් මුහුණ දෙන මූල්‍යමය දුෂ්කරතා හමුවේ ඔවුන්ට සහනයක් සැලසීම සඳහා Velvet සබන්  නිෂ්පාදනයන් රුපියල් 130 සහ රුපියල් 75 යන  වඩාත් දැරිය හැකි මිල ගණන් යටතේ  ලබා දීමට තීරණය කර තිබේ.

සම නිරෝගීව තබා ගැනීමට පමණක් නොව එහි ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කර  ගැනීමටද ඉහළ  මොයිස්චරයිසින් ගුණයක්  අත්‍යවශ්‍ය බව Velvet තේරුම් ගෙන තිබේ.එම නිසා සමේ තෙතමනය  පැය 6 ක්  පුරා  ආරක්ෂා  කරන වෙළඳපොලේ ඇති එකම සබන් නිෂ්පාදනය ද Velvet  වේ.

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

රටකජු කරල් කාර්යක්ෂමව වෙන් කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය ගැන දැනගන්න

නැවත වන වගා ව්‍යාපෘතියක් වන DIMO විසින් ක්‍රියාත්මක කරන LIFE පිළිබඳ ඔබත් දැනුවත් වන්න