ලුණුගඟ වෙත: අප්‍රේල් 2023– අගෝස්තු 2024

1 min read

75 වසරක කලාවගෘහ නිර්මාණ ශිල්පය සහ පරිසර විද්‍යාව

ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා වසර 40කට පෙර 1982 දී ජෙෆ්රි බාවා භාරය පිහිටුවද්දී,  පරිසරවේදය, පාරිසරික විද්‍යාවන්, කලාව, සහ ගෘහ නිර්මාණ ශිල්පය පෝෂණය කිරීමට එයට කාර්යභාරයක් නියම කරමින් අපූරු තීරණයක් ගත් අතර,  එයින් එකිනෙක හා බැඳුනු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් දුර දක්නා තෝරා ගැනීමක් සිදු කරන ලදී. ඇතැම්විට උද්‍යානයක් වටා මධ්‍ය ගත වෙමින්  තම ජීවිත කාලය පුරා කටයුතු සිදු කළ ගෘහ නිර්මාණ ශිල්පියකු වශයෙන්, ඔහුගේ මෙම ඉදිරි දැක්ම නොවැළැක්විය හැක්කක් වන්නට ඇත.

ඒ උද්‍යානය, ලුණුගඟ එහි 75 වැනි සංවත්සරය මේ වසරේ, එනම් 2023 දී සමරයි.  මේ අවස්ථාව අභිනන්දනය කරමින්, ජෙෆ්රි බාවා භාරය විසින් කලාව සහ පරිසරවේදය අතර ඇති අවියෝජනීය සම්බන්ධය පිළිබඳව, විශේෂයෙන්ම අප සොබා දහම සහ ස්වාභාවික; අධිලේඛනාගාර සහ පිළිවෙත්; ආහාර සහ සුව වීම තේරුම් ගන්නා ආකාරයන් ගවේෂණය කරයි. උද්‍යානය වෙනුවෙන්, සහ කටයුත්ත සඳහා උද්‍යානය කාචයක් ලෙස භාවිතා කරමින්, භාරයේ අභිරක්ෂක කණ්ඩායම මේ වැඩසටහනේ දී පරම්පරා සහ භූමි කලාප ඔස්සේ  බහුඅර්ථ සහිත ව්‍යාපෘති ගවේෂණය කරයි. සමස්තයක් ලෙස පවතින සහ බොහෝවිට පූර්වකථනය කළ නොහැකි ලුණුගඟේ තාවකාලික වෙනස්වීම් සහ පොළෝ තලයට, ජීව අවකාශයට සහ විශ්වය සමග එයට ඇති සම්බන්ධය සලකමින්, ලුණුගඟ වෙත වැඩසටහන කාල සමයන් තුනක් හරහා සංවිධානය කෙරේ.

කාල සමය 1 : මැයි – අගෝස්තු 2023

යාල/ සිරුපොකම්/ නිරිත දිග මෝසම් 2023

වැඩසටහන 2023 අප්‍රේල් මාසයේ නිවේදනය කෙරේ.

කාල සමය 2: සැප්තැම්බර් 2023 – අප්‍රේල් 2024

මහ/ පෙරුම්පොකම්/ ඊසාන දිග මෝසම්/ 2023-2024

වැඩසටහන 2023 ජූලි මාසයේ නිවේදනය කෙරේ.

කාල සමය 3: මැයි – අගෝස්තු 2024

යාල/ සිරුපොකම්/ නිරිත දිග මෝසම/ 2024

වැඩසටහන 2024 අප්‍රේල් මාසයේ නිවේදනය කෙරේ.

සෑම කාල සමයක දීම සංස්කෘතික සහ පරිසරවේද ක්‍රියාකාරකම් මුසු කෙරෙන අංග ගණනාවක් ඉදිරිපත් කරනු ඇත. ශ්‍රී ලංකාවේ සහ විදෙස් රටවල තනි පුද්ගලයන් සහ ආයතන ගණනාවක් සමග සාමූහිකව සිදු කෙරෙන කාලසමය 1 වැඩසටහනට සම්බන්ධ වන්නන් මෙසේය.

ක්ලාරා ක්‍රාෆ්ට් ඉසෝනෝ (එක්සත් රාජධානිය), ෆිරි රහ්මාන් (ශ්‍රී ලංකාව, හෙලන් බිනෙට් (එක්සත් රාජධානිය), බර්ල් මාක්ස් ආයතනය (බ්‍රසීලය), ඩීකින් හාට් (ඇමරිකා එක්සත් ජනපදය), රීනා ඛැලට් (ඉන්දියාව), සුමයියා වල්ලි (දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානිය), ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, (ශ්‍රී ලංකාව), පේරාදෙණිය විශ්ව විද්‍යාලය, (ශ්‍රී ලංකාව), තරුණ අභ්‍යවකාශගාමීන්ගේ සංසදය (ශ්‍රී ලංකාව)

සොබාදහම සහ ස්වාභාවික, පරිසරවේදය තුළින් සහකම්පනය, භාෂාවට එහා යන ප්‍රවේශය සහ උද්‍යානය කාචයක් ලෙස යන අත්‍යවශ්‍ය තේමා හතරක් මේ වැඩසටහන හා සබැඳේ. මේ වසරේ, ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනය, මෙවර 20 වෙනි වරට, මහද්වීප තුනක වැදගත් බහු-ක්ෂේත්‍රීය නිර්මාණකරුවන් තිදෙනෙකුගේ එනම් ඉසමු නොගුචි, රොබටෝ බර්ල් මාක්ස් සහ ජෙෆ්රි බාවාගේ උද්‍යාන ගැන සාකච්ඡාවක ස්වරූපය ගනු ඇත.  තාරකා ප්‍රිය සම්භාෂණයක් සහ කවි කියවීමක් තුළින් රාත්‍රියේ ලුණුගඟ වෙත සවන් දී එය අත් විඳින්නට ප්‍රේක්ෂකයන්ට ලැබෙනු ඇති අතර, රුක් කතාබහ පොඩ්කාස්ට් තුළින් මනුෂ්‍යයන්, ශාක සහ දේශීය දෙවිවරුන් සම්බන්ධ කර ගනිමින් උද්‍යානයේ සුවිශේෂී ශාක වර්ග ගැන ප්‍රවේශයක් ලැබෙනු ඇත. ක්ලාරා ක්‍රාෆ්ට් ඉසෝනෝ සහ ලන්ඩනයේ රාජකීය කලා විද්‍යාලය ත්‍රිමාන අධිලේඛන ව්‍යාපෘතියක්  තුළින් ලුණුගඟේ අතීතය සහ අනාගතය සිතියම් ගත කරමින් උද්‍යානය  සජීවී එකතුවක් ලෙස ගවේෂණය කරනු ඇත.  කොළඹ ඕපන් හවුස් (ලොව පුරා ඕපන් හවුස් ජාලයේ කොටසක්) හි සංවිධායකයන් ලෙස කොළඹ සහ බෙන්තොට හරිත අවකාශයන් සහ උද්‍යානවලට ප්‍රවේශ වෙමින්, ඒවා හුවා දක්වනු ඇත. ප්‍රකාශනයක් තුළින් උද්‍යානයේ සංවේදකමය අත්දැකීම ගන්ධය සහ දැනෙන ආකාරය තුළින් ගවේෂණය කරනු ඇත. කීර්තිමත් කලාකරුවන් තිදෙනෙකු එනම් සුමයියා වල්ලි, රීනා ඛැලත් සහ ෆිරි රහ්මාන් විසින් ලුණුගඟ භූමිභාගයට සුවිශේෂී වන කලා කෘති ඉදිරිපත් කරනු ඇත.

ලුණුගඟ වෙත වැඩසටහනේ සංස්කෘතික සහ පාරිසරික ආයාසයන් ගැඹුරු බලපෑමකින් යුතුව පුළුල් ප්‍රේක්ෂකයන් පිරිසකට ළගා විය හැකි ආකාරය ගැන ගවේෂණය කිරීමට

අභිරක්ෂක කණ්ඩායම තරුණ උපදේශන මණ්ඩලයක් සහ ප්‍රවේශ උපදේශකයන් තිදෙනෙකු සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

අභිරක්ෂක කණ්ඩායම: ශයරි ද සිල්වා, අනීෂා මුස්ටාචි, තිලිනි පෙරේරා, ශානිකා පෙරේරා, ක්‍රිස්ටෝපර් සිල්වා සහ සතිර ඉමදූවගේ.

වැඩසටහන ගැන තොරතුරු දැන ගැනීමට www.lunuganga.garden වෙබ් අඩවියට පිවිසෙන්න.

සමාජ මාධ්ය:

https://www.instagram.com/geoffreybawatrust/
https://www.instagram.com/lunugangatrust/
https://www.geoffreybawa.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.