in

කලා පොළ 2023

රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ පෙබරවාරි 19 වන දින පැවැත්විණි. ජෝර්ජ් කීට් පදනම විසින් සංකල්පනය කරන ලද මෙම එළිමහන් කලා ප්‍රදර්ශනය 1993 වසරේ දී ප්‍රථම වරට පැවැත්වූ අතර, 2023දී කලා පොළ වසර 30ක්  සමරනු ලැබීය. 1994 වසරේ සිට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සිය අඛණ්ඩ සහයෝගය සහ අනුග්‍රහය ලබා දෙන ලදී. කලා පොළ යනු කලාකරුවන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සහ කලා ප්‍රජාව සමඟ මුසු වීමට අවස්ථාව ලබා දෙන රටේ විශාලතම සහ විචිත්‍රවත්ම වේදිකාවයි. දිවයින පුරා විසිරී සිටින දේශීය කලාකරුවන් 300කට අධික පිරිසකගේ දක්ෂතා මෙහි දී  ප්‍රදර්ශනය කරන ලදී.  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස්  මහතා 2023 කලා පොළ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

ජීවිතය සතුටින් ගෙවන්න- මේ උපදෙස් පිලිපදින්න

කාන්තා ව්‍යවසායකයින් සවිබල ගන්වන ‘DIVA දෑතට දිරිය’