උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට පිළිතුරු සැපයීම සදහා උදව් කළ ගුරුවරයාට ඇප

ධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට පිළිතුරු සැපයීම ස`දහා උදව් කළ බැව් කියන ගුරුවරයෙක් වාද්දුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස පානදුර වැඩබලන මහෙස්ත‍්‍රාත් සමිතා බණ්ඩාර මහත්මිය ඉකුත් (17 දා) නියෝග කළාය.

කුඩා වස්කඩුව වස්කඩුව ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ඇපමත මුදාහරින ලදී. වාද්දුව මධ්‍ය මහා විදුහලේ විභාග ශාලා අංක 2 හි ඉකුත් 16 දා ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂයට පෙනී සිටි සිසුවියකට පිළිතුරු සැපයීම ස`දහා සැකකාර ගුරුවරයා උදව් උපකාර කළැයි විභාග ශාලාවේ අධීක්‍ෂණ නිලධාරිනිය විසින් කළ පැමිණිල්ලේ ස`දහන් ඇති බව උප පොලිස් පරීක්‍ෂක සුදත් ප‍්‍රනාන්දු සහ කොස්තාපල් චාමර (65922) අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් කියා සිටින ලදී. වාද්දුව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්‍ෂක සුදත් ප‍්‍රනාන්දු සහ කොස්තාපල් චාමර (65922) පොලිසිය වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. නඩුව ලබන නොවැම්බර් 16 දා නැවත කැඳවීමට නියමිතය.

ආර්. ඒ. එස්. – පේ‍්‍රමතිලක බණ්ඩාරගම

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.