in

නුවරඑළියේ විනෝද චාරිකා එපා

රටේ උද්ගතවී ඇති වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා  පැමිණිමෙන් වැලකි සිටින ලෙස නුවරඑළිය  දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද (29) දින මාධ්‍යට වි‍ශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ එසේ පැමිනෙණ පුද්ගලයන් හට නිරෝධායන නීති අනුව කටයුතු කරිමට අවශ්‍ය පියවර ගරනීමට අදාලව ආරක්ෂක අංශ දැනුවත් කර ඇති  බවය. නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යාණය සහ ග්‍රේගරි වැව උද්‍යාණය, සඳතැන්න ඇතුළු සියළු සංචාරක ස්ථාන වසා ඇති බවත් පැවසු  දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කලේ පවතින වසංගත තත්වය හමු‍වේ රට ආරක්ෂා කර ගැනීමට රජය ගෙනයන සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිලි‍වෙලට සැමදෙනාගේ සහය අත්‍යාවශ්‍ය බවය.

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

දෙරණ කාර්ටූන්

හැමදාම කන පපඩම අද වෙනස් විදිහකට කමුද?